ක්‍රීඩා

ධනුෂ්කට එරෙහි චෝදනා 04 න් 03 ක් ඉවතට

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා හතරෙන් තුනක් ඉවත්කර ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය පවසයි.

ඊට අදාළ නඩුව අද (18) සිඩ්නි හි “Downing Centre” අධිකරණයේදී කැඳවිණි.

2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ටින්ඩර් සමාජ මාධ්‍ය ජාලය හරහා හඳුනාගත් එරට කාන්තාවක්, ඇයගේ කැමැත්තෙන් තොරව ලිංගික අතවර සිදු කළ බවට චෝදනා එල්ල විය.

මෙම නඩුව ජූලි 13දා නැවත කැඳවීමට නියමිතය.

පසුගිය වසරේ නොවැම්බර් 06දා ධනුෂ්කව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිස් නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව මේ වනවිට පූර්ණ ක්‍රිකට් තහනමක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පණවා තිබේ.

Trending

Exit mobile version