ක්‍රීඩා

නේපාල ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තා ත්‍රිත්වයක්

Published

on

චීනයේදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී නේපාලය හා මොංගෝලියාව අතර පැවැති ක්‍රිකට් තරඟයකදී ලෝක වාර්තා 03ක් තැබීමට නේපාල කණ්ඩායම සමත්විය.

එහිදී නේපාල කණ්ඩායම කඩුලු 03ක් දැවී නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 314ක් රැස්කරමින් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කර ඇත.

නේපාල ක්‍රීඩක ඩිපෙන්ද්‍ර සිං පන්දු 9කදී වේගවත් අර්ධ ශතකය වාර්තා කරමින් තවත් ලෝක වාර්තාවක් බිහි කර ඇත.

තවද පන්දු 34කදී ශතකයක් වාර්තා කිරීමට සමත්වූ නේපාල ක්‍රීඩක කුෂාල් මල්ලා තවත් ලෝක වාර්තාවකට හිමිකම් කීය.

Trending

Exit mobile version