ක්‍රීඩා

ප්‍රමෝද්‍ය, ක්‍රීඩා වැරදි වලක්වීමේ ඒකකයට කටඋත්තර දෙයි

Published

on

ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා, ප්‍රකාශයක් ලබාදීමට කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිටියෙහි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයට අද (21) පෙරවරුවේ පැමිණි බව වාර්තා වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා පිල ලැබූ දැවැන්ත කඩා වැටීම පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය කළ පැමිණිල්ලකට අනුව මෙසේ කැඳවීම කර තිබේ.

Trending

Exit mobile version