ක්‍රීඩා

මාතර ක්‍රිකට් පිටිය හදන්න යන්නේ පන්සල් වත්තක – හේෂා

Published

on

ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා සංගම් වල දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සාක්ෂි සහිතව මාර්තු 18 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ තමන් ඉදිරිපත් කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. 

ඊට පෙර මාර්තු 10 දා කොළඹ පැවැත්වෙන සම්මන්ත්‍රණයකට පැමිණ තමන්ගේ ගැටළු ඉදිරිපත් කරන ලෙස සියලුම ක්‍රීඩා සංගම් වලට තමන් ආරාධනා කර සිටින බවත් ඔහු පැවසීය.  

ඔලිම්පික් දිවූ දක්ෂ ක්‍රීඩකයකු ක්‍රීඩා නියෝජ්‍ය ඇමති ලෙස සිටියත් මේ දක්වා ඔහු ක්‍රීඩාව ගැන මේ දක්වා වචනයක් හෝ පර්ලිමේන්තුවේ කතා කර නොමැති බවත් හිටපු කෝප් කමිටු සභාපතිවරයාවද මුදලට ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. 

 “මාතර පොල්හේනේ පන්සලකට අයත් භූමියක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න යනවා ක්‍රිකට් ආයතනයේ වියදමින්.

 මේ ඉඩම හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රදේශයේ තරුණ තරුණියන් සඳහා ජර්මන් තාක්ෂණ මධ්‍යස්ථානයක් හදන්න වෙන් කරගෙන තිබුණු ඉඩමක්.” හේෂා විතානගේ මහතා එසේද කීය.

Trending

Exit mobile version