ක්‍රීඩා

ලංකාවට පහසු ජයක්

Published

on

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම, පන්දුවාර 22.2කදී සියලුදෙනා දැවී ලකුණු 116ක් රැස් කර තිබුණි.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 63කට කඩුලු 4ක් දවාගත් අතර වනිඳු හසරංග ලකුණු 7ට කඩුලු 3ක් දවා ගත්තේය.

16 වැනි පන්දුවාරයේදී එක කඩුල්ලක් පමණක් දැවී සිය ඉලක්කය කරා යාමට ශ්‍රී ලංකා පිලට හැකි විය. ඉතිරි වූ පන්දු සංඛ්‍යාව (204) අනුව ඇෆ්ගනිස්තානය ලැබූ විශාලතම එක්දින ජාත්‍යන්තර තරග පරාජය ලෙස මෙය ඉතිහාසගත වේ.

පැතුම් නිස්සංක පන්දු 34කදී ලකුණු 51ක් රැස්කළ අතර දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 56යි.

මේ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Trending

Exit mobile version