ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ පාපන්දු තරගාවලියේ චීන තායිපේ කණ්ඩායම සමග ඊයේ (11) පැවැති තරගය සත්කාරක ශ්‍රී ලංකාව ජය ගත්තේ ය.
ආසියානු කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ තරගාවලිය මේ දිනවල පැවැත්වේ.
ශ්‍රී ලංකාව එහි D කාණ්ඩය යටතේ තරගවදියි.
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගය වූ මෙය, ඊයේ කොළඹ තුරග තරග පිටියේදී පැවැත්විණි.
එහි පළමු අර්ධයේදී දෙපිලටම ගෝල වාර්තා කිරීමට නොහැකි විය.
දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකාව ගෝල 3ක් රැස් කළේ ය.
ප්‍රතිවාදී චීන තායිපේ කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ ගෝලයක් පමණි.
ඒ අනුව ගෝල 3ට 1ක් ලෙස ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ය.
සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග 2කට සහභාගී වී ඉන් එක් තරගයක් ජය ගත් ශ්‍රී ලංකාව මේ වන විට D කාණ්ඩයේ ලකුණු සටහනේ රැඳී සිටින්නේ 3 වැනි ස්ථානයේයි.
ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ටර්ක්මෙනිස්ථානයට එරෙහිව පැවැත්වේ.