ක්‍රීඩා

ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවන් ට තහනමක්

Published

on

ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි වලදී ලිංගික සංක්‍රාන්තික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශය නියෝජනය කිරීම තහනම් කර තිබේ.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා පාලක මණ්ඩලයේ සභාපති කෝ සාමිවරයා පවසන්නේ වැඩිවියට පත්වූ කිසිදු ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවකට මාර්තු 31දා සිට කාන්තා ලෝක ශ්‍රේණිගත කිරීමේ තරග සඳහා තරග කිරීමට අවසර ලබානොදෙන බවයි. 

කෙසේවෙතත් ලිංගික සංක්‍රාන්තික සුදුසුකම් මාර්ගෝපදේශ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවනු ඇති බවද වාර්තා වෙයි.

Trending

Exit mobile version