Connect with us

ක්‍රීඩා

ලෝක කුසලානයේ ලංකාවේ පළමු ප්‍රතවාදියා දකුණු අප්‍රිකාව

Published

on

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගැනීමත් සමග 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රතිවාදීන් වන්නේ දකුණු අප්‍රිකාවය.

එළැඹෙන ඔක්තෝබර් 5වනදා ඉන්දියාවේදී ආරම්භ වන 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දින 46ක් පුරා ක්‍රීඩාංගණ 10කදී පැවැත්වීමට නියමිතය.

ඒ වෙනුවෙන් රටවල් 10ක් ක්‍රීඩා කරන අතර තරගාවලියට තරග 48ක් ඇතුළත්ය.

එම රටවල් 10 වන්නේ පෙරේදා සිය ස්ථානය තහවුරු කරගත් ශ්‍රී ලංකාව,  ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් අවස්ථාව දිනාගන්නා අනෙක් කණ්ඩායමය.

ශ්‍රී ලංකාව 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ තරග ආරම්භ කරමින් ඔක්තෝබර් 7 වනදා දකුණු අප්‍රිකාව සමගත්, ඔක්තෝබර් 12 වනදා පාකිස්තානය සමඟත්, ඔක්තෝබර් 16 වනදා ඔස්ට්‍රේලියාව සමඟත් ක්‍රීඩා කිරීමට නියමිතය.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියෙන් සිය ස්ථානය හිමිකරගන්නා අනෙක් කණ්ඩායම සමග ඔක්තෝබර් 21 වනදා තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 26 වනදා එංගලන්තයට එරෙහිවත්,  ඔක්තෝබර් 30 වනදා ඇෆ්ගනිස්තානයට එරෙහිවත්, නොවැම්බර් 02 වනදා ඉන්දියාවට එරෙහිවත් තරගවදිනු ඇත.

නොවැම්බර් 6 වනදා බංග්ලාදේශය සමග ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව මුහුණ දෙන මුල් වටයේ අවසන් තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් 09 වනදා නවසීලන්තයට එරෙහිවය.

ක්‍රීඩා

17 වන වරටත් ලෝක ශූරයා වූ ජෝන් සීනා

Published

on

By

ලෝක ප්‍රකට මල්ලවපොර ක්‍රීඩක ජෝන් සීනා,  WWE WrestleMania 41 තරගාවලියේදී වත්මන් WWE ලෝක ශූර කෝඩි රෝඩ්ස් පරාජය කරමින් 17 වැනි වරට ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණය තුළින් WWE ලෝක ශූරතාවය වැඩිම වාර ගණනක් දිනූ ක්‍රීඩකයා ලෙස වාර්තාවක් පිහිටුවීමට ඔහුට හැකි විය.

මීට පෙර ඔහු, රික් ෆ්ලෙයර් සමඟ 16 වර ලෝක ශූරතාවය දිනා සම වාර්තාවක් තබා තිබුණි.

මෙම ජයග්‍රහණය විශේෂත්වයක් ගන්නේ එය සීනාගේ සමුගැනීමේ චාරිකාවේ කොටසක් වන බැවිනි.

මෙම වසරේ දෙසැම්බර් මාසයේදී වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ආසියාවේ 9වන ස්ථානය

Published

on

By

සෞදි අරාබියේදී පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ද රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිවිය.

තරගය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විනාඩි 2.14.25ක කාලයක් වාර්තා කළහ.

මෙය ශ්‍රී ලංකා නව යොවුන් වාර්තාවක් ලෙසද සටහන් විය.

මෙහි රන් පදක්කම විනාඩි 2.11.11කින් තරගය අවසන් කළ චීනය විසින් දිනාගත්තේය.

විනාඩි 2.15.00කින් සිය ඉසව්ව අවසන් කළ තායිලන්තයට මෙහි ලෝකඩ පදක්කම හිමිවිය.

ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් සිව් දිනක් පුරා කටීෆ් හි පැවති මෙම තරගාවලිය ඊයේ (18) අවසන් විය.

එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක්, ලෝකඩ පදක්කම් 4ක් සමගින් සමස්ත පදක්කම් 8ක් දිනාගැනීමට සමත්විය.

ඒ අනුව තරගාවලියට සහභාගි වූ රටවල් රැසක් අතරින් අවම ලෝකඩ පදක්කමක් හෝ දිනූ රටවල් 19ක් අතරින් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ 9වන ස්ථානය හිමිවිය.

මෙහිදී ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් සංඛ්‍යාව ආසියානු වයස අවුරුදු 18න් පහළ ශූරතාවලියක දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාවද වෙයි.

අවසන්වරට මෙම තරගාවලිය පැවැත් වූ 2023 වසරේදී ශ්‍රී ලංකාවට දිනාගැනීමට හැකිව ඇත්තේ රිදී 2ක් හා ලෝකඩ 2ක් සමගින් පදක්කම් 4ක් පමණි.

රන් 19ක්, රිදී 12ක් හා ලෝකඩ 5ක් දිනූ චීනය පදක්කම් සටහනේ පෙරමුණ හිමිකරගත් අතර, ජපානයට එහි දෙවන ස්ථානය හිමිවිය. ඔවුන් රන් 3ක්, රිදී 3ක් හා එක් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.

සත්කාරක සෞදි අරාබිය මෙහි තෙවන ස්ථානයට පත්වූයේ රන් 3ක්, රිදී පදක්කමක් හා ලෝකඩ 2ක් දිනාගනිමින්ය.

Continue Reading

ක්‍රීඩා

දසුන් ශානකට IPL දොරටු විවර වේ

Published

on

By

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස් වෙනුවට තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හදිසි කැඳවීමක් ලැබී ඇත.

ඒ අනුව ෂුබ්මන් ගිල් නායකත්වය දරන ගුජරාට් ටයිටන්ස් විසින් ශානකව ඉන්දීය රුපියල් ලක්ෂ 75කට (මෙරට රු.කෝ. 2.5කට වැඩි) මිලදී ගෙන ඇත.

කෙසේ නමුත් ශානකට ටයිටන්ස් කණ්ඩායම අලුත් අත්දැකීමක් නොවන අතර, ඔහු මීට පෙර 2023 වසරේදී එවක නායකත්වය දැරූ හාර්ඩික් පාන්ද්‍යා යටතේ ද මෙම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකර ඇත.

එහිදී පසුපෙළ පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදී එම තරග තුනේදී ශානක ලකුණු 26ක් ලබාගත්තේය.

කෙසේ නමුත් එහිදී පන්දු යැවීමට ඔහුට අවස්ථාවක් නොලැබුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග 102කට ක්‍රීඩාකර ඇති ශානක පන්දුවට පහරදීමෙන් ලකුණු 1456ක් ලබාගෙන ඇති අතර, ඊට අර්ධ ශතක 5ක් ඇතුළත්ව ඇත.

ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 122.46ක් ලෙස සටහන්වී තිබේ.

එමෙන්ම පන්දු යැවීමෙන්ද දක්ෂතා දක්වා ඇති ඔහු විස්සයි20 ජාත්‍යන්තර කඩුලු 33කට හිමිකම් කියයි.

හයිද්‍රාබාද්හිදී පැවති සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තරගයේදී ග්ලෙන් පිලිප්ස් ආබාධයකට ලක්විය.

ඒ හේතුවෙන් ඔහුව තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කරන ලදී.

මේ වනවිට පිලිප්ස් යළි නවසීලන්තය බලා පිටත්ව ගොස් ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved