Connect with us

ක්‍රීඩා

ලෝක ශූරතා ජයග්‍රහණයේ උණුසුම යන්නත් කලින් ඉන්දියාව සිම්බාබ්වේට පරදියි

Published

on

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (06) පැවැති විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 13 කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසීය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක ශුබ්මන් ගිල් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්වාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 115ක් රැස් කළේය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ක්ලයිව් මඩන්ඩා නොදැවී ලකුණු 29ක් රැස් කළ අතර ඩියෝන් මේයර්ස් ලකුණු 23ක් රැස් කළේය.

පන්දු යැවීමේදී රවී බිශ්නොයි කඩුලු 04ක් දවාගත්තේය.

ලකුණු 116ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 102ක් පමණි.

අනුව තරග 03කින් සමන්විත 20යි 20 තරගාවලිය 1 – 0 ක් ලෙස පෙරමුණ ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය

ක්‍රීඩා

කාසියේ වාසිය බංග්ලාදේශයට

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සොනාල් දිනූෂ කණ්ඩායමට කැඳවා ඇත.

තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Continue Reading

ක්‍රීඩා

දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නොමිලයේ බලන්න දෙයි

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා (ජුනි 25දා) ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රේක්‍ෂකයන්ට එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අංක 3 සහ 4 දොරටුවලින් ක්‍රීඩාංගණයට ඇතුළු වියහැකි වේ.

මෙම තරගය පෙ.ව. 10.00 ට ආරම්භ වීමට නියමිතයි.

Continue Reading

ක්‍රීඩා

යුපුන් ජර්මනියේදී දස්කම් පෙන්වයි

Published

on

By

ජර්ම­නියේ ඇන්හෝ­ල්ට්හිදි පැවති 27 වැනි අන්ත­ර්ජා­තික මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී පිරිමි මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තර­ග­ය­කදී යුපුන් අබේ­කෝන් තත්පර 10.18ක කාල­යක් වාර්තා කර­මින් ඔහුගේ හොඳම පෞද්ග­ලික දක්ෂ­තාව සට­හන් ක‍ළේය.

මේ වසරේ සැප්තැ­ම්බර් මාසයේ ටෝකියෝ හි පැවැ­ත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ මීටර් 100 පරි­සා­ධන මට්ටම තත්පර 10ක් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved