සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (06) පැවැති විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 13 කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසීය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක ශුබ්මන් ගිල් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්වාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 115ක් රැස් කළේය.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ක්ලයිව් මඩන්ඩා නොදැවී ලකුණු 29ක් රැස් කළ අතර ඩියෝන් මේයර්ස් ලකුණු 23ක් රැස් කළේය.
පන්දු යැවීමේදී රවී බිශ්නොයි කඩුලු 04ක් දවාගත්තේය.
ලකුණු 116ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 102ක් පමණි.
අනුව තරග 03කින් සමන්විත 20යි 20 තරගාවලිය 1 – 0 ක් ලෙස පෙරමුණ ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය