ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර පිළියන්දල පොලීසිය විසින් අද (09) අත්අඩංගුවට ගෙන ඇත.

පිළියන්දල, කොළමුන්න ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු තවත් අයෙකුගේ නිවසකට ඇතුළුවී සිදුකළ පහරදීමක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් අශේන් බණ්ඩාරගේ නිවසට යාබද පදිංචි අයෙකු සමග, මාර්ගය අවහිර වන පරිදි මෝටර් රථය නවතා තැබීම හේතුවෙන් ඇතිවූ කථාබහක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇත.

සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, ලබන 12දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Trending

Exit mobile version