ක්‍රීඩා

ශ්‍රී ලංකා A කණ්ඩායමට විශිෂ්ට ජයක්

Published

on

ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම පරාජය කර අබුඩාබිහිදී පැවති එකම නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 308ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සමත් විය.

සිව්දින තරගයක් ලෙස පැවති මෙම තරගය ඊයේ (02) අවසන් විය. ඇෆ්ගනිස්තානයේ සත්කාරකත්වය යටතේ මෙය පැවැත්විණි.

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 406/10ක් රැස් කළේය. එහිදී ළහිරු උදාර (107), සොනාල් දිනුෂ (104) ශතක රැස්කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ හැකිවූයේ ලකුණු 168ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපීපෙනෙන පන්දු යැවීමක නිතර වූ ඉසිත විජේසුන්දර ලකුණු 35කට කඩුලු 6ක් දවාගත්තේය.

ලකුණු 238ක් ඉදිරියෙන් සිටිමින් යළි දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාව එවර ලකුණු 376/4ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

එහිදී නුවනිදු ප්‍රනාන්දු (102), නායක පසිඳු සූරියබණ්ඩාර (100) හා පවන් රත්නායක (නොදැවී 100) ශතක රැස්කිරීමට සමත් වූහ.

ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 615ක දැවැන්ත ඉලක්කයක් හිමිවිය.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස ඔවුන් රැස්කළේ ලකුණු 306ක් පමණක් වූ අතර, ඒ හේතුවෙන් තරගය ජයපරාජයෙන් තොරව හෝ අවසන්කර ගැනීමට ඇෆ්ගනිස්තානයට නොහැකි විය.

තරගයේ වීරයා ලෙස ඉනිම් දෙකෙහිම කඩුලු 10ක් (6/35, 4/75) දවාගත් ඉසිත විජේසුන්දර සම්මාන දිනාගත්තේය.

Trending

Exit mobile version