2025 ශූරයන්ගේ කුසලාන ක්රිකට් තරගාවලියේ ජය හිමිකර ගැනීමට ඉන්දියානු කණ්ඩායම ඊයේ (09) සමත් විය.
ඒ කඩුළු 04කින් නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමිනි.
ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලේය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 251 ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49 ක් අවසනයේ ලකුණු 254 ක් ලබා ගනිමින් සිය ජයග්රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.