ක්‍රීඩා

සංගක්කාර නැවතත් ක්‍රිකට් පිටියට

Published

on

IML T20 තරගාවලියේ කොටස්කරුවෙක් වීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක කුමාර සංගක්කාර පවසයි.

ඔහුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්, IML හි ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබේ.

තමන් එහිදී නැවත වරක් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් සමඟ අත්දැකීම් බෙදාගැනීමට බලාපොරොත්තු වන බව ද සංගක්කාර ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

මෙම තරගාවලිය පෙබරවාරි මස 22 වැනිදා සිට මාර්තු 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඊට ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය යන කණ්ඩායම් ක්‍රීඩා කරනු ඇත.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ, කුමාර සංගක්කාර විසිනි.

Trending

Exit mobile version