Connect with us

ක්‍රීඩා

හෂාන්ට බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පුහුණුකරු ධූරය

Published

on

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වූ හෂාන් තිලකරත්න එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ඇරයුමක් අනුවය.

ඒ අනුව ලබන නොවැම්බර් 1 දා සිට හෂාන් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට නියමිතය

පසුගියදා බංග්ලාදේශයේ පැවති ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල එහි අනුශූරතාව දිනා ගන්නා ලදී.

ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ආසියාවේ 9වන ස්ථානය

Published

on

By

සෞදි අරාබියේදී පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ද රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිවිය.

තරගය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විනාඩි 2.14.25ක කාලයක් වාර්තා කළහ.

මෙය ශ්‍රී ලංකා නව යොවුන් වාර්තාවක් ලෙසද සටහන් විය.

මෙහි රන් පදක්කම විනාඩි 2.11.11කින් තරගය අවසන් කළ චීනය විසින් දිනාගත්තේය.

විනාඩි 2.15.00කින් සිය ඉසව්ව අවසන් කළ තායිලන්තයට මෙහි ලෝකඩ පදක්කම හිමිවිය.

ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් සිව් දිනක් පුරා කටීෆ් හි පැවති මෙම තරගාවලිය ඊයේ (18) අවසන් විය.

එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක්, ලෝකඩ පදක්කම් 4ක් සමගින් සමස්ත පදක්කම් 8ක් දිනාගැනීමට සමත්විය.

ඒ අනුව තරගාවලියට සහභාගි වූ රටවල් රැසක් අතරින් අවම ලෝකඩ පදක්කමක් හෝ දිනූ රටවල් 19ක් අතරින් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ 9වන ස්ථානය හිමිවිය.

මෙහිදී ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් සංඛ්‍යාව ආසියානු වයස අවුරුදු 18න් පහළ ශූරතාවලියක දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාවද වෙයි.

අවසන්වරට මෙම තරගාවලිය පැවැත් වූ 2023 වසරේදී ශ්‍රී ලංකාවට දිනාගැනීමට හැකිව ඇත්තේ රිදී 2ක් හා ලෝකඩ 2ක් සමගින් පදක්කම් 4ක් පමණි.

රන් 19ක්, රිදී 12ක් හා ලෝකඩ 5ක් දිනූ චීනය පදක්කම් සටහනේ පෙරමුණ හිමිකරගත් අතර, ජපානයට එහි දෙවන ස්ථානය හිමිවිය. ඔවුන් රන් 3ක්, රිදී 3ක් හා එක් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.

සත්කාරක සෞදි අරාබිය මෙහි තෙවන ස්ථානයට පත්වූයේ රන් 3ක්, රිදී පදක්කමක් හා ලෝකඩ 2ක් දිනාගනිමින්ය.

Continue Reading

ක්‍රීඩා

දසුන් ශානකට IPL දොරටු විවර වේ

Published

on

By

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස් වෙනුවට තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හදිසි කැඳවීමක් ලැබී ඇත.

ඒ අනුව ෂුබ්මන් ගිල් නායකත්වය දරන ගුජරාට් ටයිටන්ස් විසින් ශානකව ඉන්දීය රුපියල් ලක්ෂ 75කට (මෙරට රු.කෝ. 2.5කට වැඩි) මිලදී ගෙන ඇත.

කෙසේ නමුත් ශානකට ටයිටන්ස් කණ්ඩායම අලුත් අත්දැකීමක් නොවන අතර, ඔහු මීට පෙර 2023 වසරේදී එවක නායකත්වය දැරූ හාර්ඩික් පාන්ද්‍යා යටතේ ද මෙම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකර ඇත.

එහිදී පසුපෙළ පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදී එම තරග තුනේදී ශානක ලකුණු 26ක් ලබාගත්තේය.

කෙසේ නමුත් එහිදී පන්දු යැවීමට ඔහුට අවස්ථාවක් නොලැබුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග 102කට ක්‍රීඩාකර ඇති ශානක පන්දුවට පහරදීමෙන් ලකුණු 1456ක් ලබාගෙන ඇති අතර, ඊට අර්ධ ශතක 5ක් ඇතුළත්ව ඇත.

ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 122.46ක් ලෙස සටහන්වී තිබේ.

එමෙන්ම පන්දු යැවීමෙන්ද දක්ෂතා දක්වා ඇති ඔහු විස්සයි20 ජාත්‍යන්තර කඩුලු 33කට හිමිකම් කියයි.

හයිද්‍රාබාද්හිදී පැවති සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තරගයේදී ග්ලෙන් පිලිප්ස් ආබාධයකට ලක්විය.

ඒ හේතුවෙන් ඔහුව තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කරන ලදී.

මේ වනවිට පිලිප්ස් යළි නවසීලන්තය බලා පිටත්ව ගොස් ඇත.

Continue Reading

ක්‍රීඩා

ඔලිම්පික් තරග සඳහා ක්‍රිකට් එක්වෙයි

Published

on

By

ඔලිම්පික් තරග සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුව තීරණය කර තිබේ.

2028 ලොස් ඇන්ජලිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර ඇති අතර එම තරග දකුණු කැළිෆෝනියාවේදී පැවැත්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුව තීරණය කර ඇත.

පන්දුවාර විස්සේ තරගාවලියක් ලෙස එය පැවැත්වෙන බව සඳහන්ය.

කාන්තා සහ පිරිමි කණ්ඩායම් 6ක් බැගින් එය පැවැත්වෙනු ඇත.

ඔලිම්පික් ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස දකුණු කැලිෆෝනියාවේ පොමෝනාහි ෆෙයාර්ග්‍රවුන්ඩ්ස් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද පිළිගෙන තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved