Connect with us

ක්‍රීඩා

12 වසරක හීනය චරිත් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල සැබෑකර ගනියි

Published

on

ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය කඩුලු 3කින් ජය ගනිමින් තරග තුනකින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කරගැනීමට ඊයේ (17) සමත් විය.

කුසල් මෙන්ඩිස් ඉවසිලිවන්තව ගොඩනැගූ අගනා අර්ධ ශතකය ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය තහවුරුකර ගැනීමට ඉවහල් විය.

පන්දුවාර 47කට සීමා වූ මෙම තරගයේ නවසීලන්ත කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 210ක ඉලක්කය කඩුලු 7ක් දැවී තිබියදී තරගයේ 46වැනි පන්දුවාරයේදී පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව වසර 12කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය.

ශ්‍රී ලංකාව අවසන්වරට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කර තිබුණේ 2012 වසරේදී මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේය.

ඉන් අනතුරුව දෙරට අතර එක්දින තරගාවලි 5ක් පැවැත්වී ඇති අතර, එන් එක් තරගාවලියක් ජයපරාජයෙන් තොරව අවසන්වීම හැරෙන්න සෙසු සියලුම තරගාවලි ජයගෙන සිටියේ නවසීලන්තයයි.

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

Published

on

By

සත්කාරක ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (02)  පැවැත්වීමට නියමිතය.

තරගාවලියේදි චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවන්නේ මෙහෙදි හසන් මිරාස් ය.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද(02) තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙන් ය.

අද තරගයට මිලාන් රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩකඩක් පවතින බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අද තරගය පස්වරු 02.30ට ආරම්භ කිරීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Published

on

By

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ ලකුණු 78කින් එම තරගයේ ජය ගැනීමට සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.

SSC ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ සිව්වද දින වූ අද (28) දින උදෑසන බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර එහිදී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටියේය. 

ඒ අනුව ඔවුන්ට සිය දෙවන ඉනිම සඳහා රැස්කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 133ක් පමණි.

මෙම තරගයේදී කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට හැකියාවක් නොලැබුණු අතර වැඩිම ලකුණු ලාභියා වූයේ මුෂ්ෆිකර් රහීම් වන අතර ඔහු රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 26කි.

මෙහිදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්වූ අතර නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත්තේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved