කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර අද (18) අවසන් වූ 144 වැනි නිල් මහා සටන ලකුණු 181කින් ජයගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය.
කොළඹ SSC ක්‍රීඩාංගනයේ පැවැත්වුණු මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ රාජකීය විදුහල කඩුලු 8 කට ලකුණු 326ක් රැස් කර තිබුණි. ශාන්ත තෝමස් විදුහල සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කරනු ලැබුවේ ලකුණු 153ක් පමණි.
සිය දෙවන ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 168ක් රැස් කළ රාජකීය විදුහල ශාන්ත තෝමස් විදුහලට තරගය ජය ගැනීම සඳහා ලකුණු 342ක ඉලක්කයක් ලබා දුන් අතර, දෙවැනි ඉනිමේදී ශාන්ත තෝමස් විදුහලට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 161ක් පමණි.
ඒ අනුව කොළඹ රාජකීය විදුහල 2019 වසරේදී සිය අතින් ගිලිහුණු කුසලානය නැවත තමන් සතු කර ගැනීමට අද සමත් විය.
එම ත්‍යාග ප්රදානෝත්සවය කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්විණි.