Connect with us

පුවත්

ශ්‍රී රංගා රිමාන්ඩ්

Published

on

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතාව අද (18) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම නියෝගය ලබාදී තිබුණේ වැඩබලන මහෙස්ත්‍රාත් රංජිත් සේපාල දහනායක මහතා විසිනි.

රිය අනතුරක් සිදුකොට පොලිස් සැරයන්වරයකුව මරණයට පත් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවු බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

පුවත්

ඉන්දු ලංකා මගී යාත්‍රා සේවය යළි ඇරඹෙයි; ප්‍රවේශපත්‍ර ඔන්ලයින් ගත හැකියි

Published

on

By

ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම මගී යාත්‍රා සේවය වසර 40කට පසුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කෙරුණි.

කෙසේවෙතත් මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර යළිත් ලබන 13 වන දා සිට එය ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව මැයි මස 13 වන දින සිට නොවැම්බර් මස 15 වන දින දක්වා නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරය දක්වා මුහුදු ගමන් සඳහා වන ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම ද ආරම්භ කර ඇති බව ස සඳහන්ය.

එක් ගමන් වාරයක් සඳහා අමෙරිකානු ඩොලර් පනහක මුදලක් අය කරන අතර සියලු මගීන්ට ගාස්තුවකින් තොරව කිලෝග්‍රෑම් 60ක ගමන් මලු එමඟින් රැගෙන යාමට අවස්ථාව හිමිව තිබේ.

Continue Reading

පුවත්

දකුණුට වයඹට නව ආණ්ඩුකාරවරු

Published

on

By

පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.

ඒ අනුව දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත්කර ඇති අතර, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා පත්කර ඇත.

Continue Reading

පුවත්

කරුංකා ප්‍රති අපනයට පර්මිට් ඉල්ලූ 5කට කුඩම්මාගේ සැලැකිළි; එකක් කැබිනට් මණ්ඩලයට

Published

on

By

අගය වැඩිකර කරුංකා ප්‍රති අපනයනය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට මාස ගණනක කාලයක සිට සමාගම් 5ක් උත්සහ ගිනිමින් සිටියද ඒ සඳහා පොල් පර්යේෂණ මණ්ඩලය, අපනයන කෘෂිකර්මම දෙපාර්තමේන්තුව හා ජාතික ශාඛ නිරෝධායන ආයතනයේ මන්ද ගාමී බව නිසා එය මෙතෙක් ක්‍රියාවට නැංවී නැතැයි වාර්තා වේ.

මේ අනුව මසකට රුපියල් මිලියන 120ක පමණ ආදායමක් රටට අහිමිවන තත්ත්වයක් මතුව ඇති බවද පැවසේ.

එන්.එස්.එස්. ග්ලෝබල් ට්‍රේඩිං පුද්ගලික සමාගම, බේ ලංකා එක්ස් චේන්ජ් පුද්ගලික සමාගම,  වයඹ ඇග්‍රා් ප්‍රොසෙසිං පුද්ගලික සමාගම, වයි.ටී.එස්. ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම හා ක්‍රෝක්‍රොප් පුද්ගලික සමාගම යන සමාගම් මේවන විට මේ අපනයන සිදු කිරීමට මාස 9ක පමණ කාලයක සිට බන්ධිත ගුදම් කුළියට ලබාගෙන ලක ලැහැස්ති වී සිටින බව පැවසේ.

ඒ අතර, මෙසේ අයැදුම්පත් ඉදිරිපත් කර තිබූ එක් ආයතනයක් වන ප්‍රයිම් ස්ටාර් ට්‍රේඩිං පුද්ගලික සමාගමට වසරක කාලයක් සඳහා කරුංකා ප්‍රති අපනයනය කිරීමට අවසර ලබාදීමට මේවන විට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද මේ අතර ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග අනුව ‍අගය වැඩිකර කරුංකා ප්‍රති අපනයන කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මේවන විට කැබිනට් පත්‍රිකා තුනක් ඉදිරිපත් කර ඇති බව පැවසේ.

ඔහු මෙසේ කරුංකා ප්‍රති අපනයනය උනන්දු කිරීමට හේතුවී ඇත්තේ ඉන්දියා හා ශ්‍රී ලංකාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුමට අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවට භාණ්ඩ තුන්දහසකට ආසන්න ප්‍රමානක් ලංකාවට ආනයනය කළද ලංකාව ඉන්දියාවට ප්‍රති අපනයනය කරනු ලබන්නේ භාණ්ඩ තුන්සීයකට ආසන්න ප්‍රමාණයක් වීම නිසාය.

කරුංකා ගයය වැඩිකර ප්‍රති අපනයනය කිරීම සඳහා ඉන්දුනීසියාව, තායිලන්තය හා මියන්මාරය යන රටවලින් ආනයනය කිරීමට නියමිත අතර ඒවා මෙහිදී බන්ධිත ගුදම්තුළ 35%ක අගය වැඩි කිරීමක් සිදු කර ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීම සඳහා අදාළ සමාගම් අයැදුම්පත් ඉදිරිපත් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved