Connect with us

ක්‍රීඩා

18 වසරකට පසු  ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්

Published

on

සත්කාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර නෙල්සන්හිදී අද (02) පැවති තෙවන හා අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙහිදී පළමුව පන්දුවට පහරදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 219ක ඉලක්කයට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 211ක් පමණි.

ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් නවසීලන්තය ජය ගත්තේය.

කෙසේ නමුත් මෙම ජයත් සමග වසර 18කට පසු නවසීලන්තයේදී නවසීලන්තයට එරෙහිව විස්සයි 20 ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය.

අවසන් වරට ඔවුන් නවසීලන්තයේදී විස්සයි 20 තරග ජයක් ලබා සිටියේ 2006 වසරේදීය.

එමෙන්ම මෙය නවසීලන්තයේ දී ලැබූ දෙවැනි විස්සයි 20 ජය ලෙසින්ද වාර්තා අතරට එක්විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 218ක් රැස් කළේය.

එහිදී විශිෂ්ට පිති හරඹයක නිරත වූ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම විස්සයි 20 ශතකය රැස්කළ පිතිකරුවා බවට පත්වෙමින් පන්දු 46කට පමණක් මුහුණදෙමින් ලකුණු 101ක් රැක්කිරීමට සමත් විය.

මෙම ඉනිමත් සමග සිය විස්සයි 20 තරග දිවියේ ලකුණු 2000 සීමාව පසුකර යෑමට ද කුසල් ජනිත්ට හැකිවිය.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 2000 කඩඉම පසුකළ පළමු පිතිකරුවා බවට පත්විය.

2013 වසරේදී ජාත්‍යන්තර විස්සයි 20 තරග බිමට අවතීර්ණ වූ කුසල්, මේ වනවිට ඉනිම් 76කට ක්‍රීඩාකර ලකුණු 2026ක් රැස්කරගෙන සිටියි.

ක්‍රීඩා

එන්න එපා ටිකට් නැහැ 

Published

on

By

අද ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ආරම්භක තරගය පස්වරුවේදී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මේ වන විට එම තරගයට අදාළ ප්‍රවේශපත්‍ර සියල්ල විකිණී අවසන්ව තිබෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රිකට් ලෝලීනට කාරුණිකව දන්වා සිටින්නේ මේ වන විට තරගයේ සියළුම ටිකට් පත් විකිණි අවසන් නිසා ප්‍රවේශපත්‍ර කවුළුවලට යාමෙන් වළකින ලෙසයි.

Bangladesh Tour of Sri Lanka 2025 🏏 🎫 Tickets Sold Out for the First T20I Sri Lanka Cricket wishes to inform the…

Posted by Sri Lanka Cricket on Wednesday, July 9, 2025

සබැඳි පුවත්

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු විස්සයි විස්ස තරගය අද

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය අද(10) රාත්‍රී 07ට මහනුවර පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ආබාධයකට ලක් වූ වනිඳු හසරංගට මෙම තරගාවලිය අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ(09) නිවේදනය කළේ ය.

දෙරට අතර පැවති පන්දුවාර 20 තරගාවලි ඉතිහාසය තුළ කිසිදු අවස්ථාවක බංග්ලාදේශ කණ්ඩායමක් ශ්‍රී ලංකාව හමුවේ මෙතෙක් තරගාවලියක් ජයගෙන  නැත.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Continue Reading

ක්‍රීඩා

වනිඳුට පළමු තරගය අහිමි වෙයිද?

Published

on

By

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග බංග්ලාදේශයට එරෙහිව හෙට (10) පැවැත්වෙන පළමු 20යි 20 තරගයට සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වෙයි.

ඔහුගේ පාදයේ කලවා ප්‍රදේශයේ මාංශ පේශීවල ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම අවිනිශ්චිතතාවය මතුව ඇත.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු 20 -20 තරගය හෙට රාත්‍රී 7ට පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.‍

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved