Connect with us

ක්‍රීඩා

LPL තරග කාලසටහන එළියට

Published

on

වසර 2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 06දා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.

මෙවර LPL තරග පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ, ගාල්ල පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පමණි.

එහි තරඟ කාලසටහන මෙසේය :

ක්‍රීඩා

තරුෂිට හා දිල්හානි ට ඔලිම්පික් වරම්

Published

on

By

ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහ දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබේ.

Continue Reading

ක්‍රීඩා

කෝලි හා රෝහිත් විස්සයි-20 ජාත්‍යන්තර පිටියට සමුදෙයි

Published

on

By

වසර 13කට පසු විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (29) සමත්විය.

ඒ 2024 විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 7කින් පරාජයට පත්කරමිනි.

බාබෙඩෝස් හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය ඉන්දිය නායකයා දිනා ගත් අතර පළමුවෙන් පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය.

ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 34ක් තුළ දවා ගනිමින් දකුණු අප්‍රිකා පන්දු යවන්නන් ඉන්දීය කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කළේය.

මෙම තරගාවලියේදී අසාර්ථක වු විරාත් කෝලි අවසන් තරගයේදි ලකුණු 76ක් රැස් කරමින් අවශ්‍යම මොහොතේ සිය පිත්ත ක්‍රියාත්මක කළේ ඉන්දීය ඉනිම ඔසවා තබමිනි.

අක්ෂා පටෙල් ලකුණු 47ක් සහ ෂිවම් ඩුබේ ලකුණු 27ක් රැස් කළ අතර ඒ අනුව ඉන්දීය කන්ඩායම නියමිත පන්දුවාර 20දි කඩුලු 7ක් දැවී ලකුණු 176ක් රැස් කිරීමට සමත්විය.

කේෂාව් මහරාජ් සහ ඇන්රික් නෝකියා කඩුලු 2 බැගින් දවාගත්හ.

ලකුණු 177ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 169ක් පමණි.

දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් හෙන්රික් ක්ලාසන් ලකුණු 52ක් රැස්කළ අතර ක්වින්ටන් ඩි කොක් ලකුණු 39ක් රැස්කළේය

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා සහ අර්ෂ්දීප් සිං කඩුලු 2ක බැගින් දවාගත් අතර හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 03ක් දවාගත්තේය.

මෙවර 20යි 20 ලෝක කුසලානයේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය ක්‍රීඩාංගණය වෙත රැගෙන ආවේ බාබෙඩෝස් අග්‍රාමාත්‍යවරිය සහ කොදෙව් හිටපු සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් විසිනි.

කෝලි – රෝහිත් සමුගැනීම

තරඟයෙන් පසු සංවේදී නිවේදනයක් නිකුත් කරමින්, ඉන්දීය සුපිරි ක්‍රීඩකයින් වන විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා ජාත්‍යන්තර T20 තරඟවලින් විශ්‍රාම යන බව ප්‍රකාශ කළහ.

අවසන් මහා තරගයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ කෝලි, “මෙය මගේ අවසන් විස්සයි20 ලෝක කුසලානය, අපට සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වූයේ මෙයයි” යනුවෙන් සිය සතුට පළ කළේය. 

කෝලි ඉනිම 117කදී එක් ශතකයක් සහ අර්ධ ශතක 38ක් ඇතුළුව ලකුණු 4,188ක් රැස්කරමින් විශ්‍රාම ගියේය.

සිය විශ්‍රාම ගැනීම නිවේදනය කළ රෝහිත් ෂර්මා ජාත්‍යන්තර විස්සයි – 20 තරගවලදී ලකුණු 4,231ක් සහ ශතක 5ක් රැස්කළ වැඩිම ලකුණු ලාභියා ලෙසින් පිටව යයි.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අලුත් පුහුණුකරු ක්‍රිස් රොජර්ස්!

Published

on

By

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවකු වන ක්‍රිස් රොජර්ස් මහතා පිළිබඳව වැඩි අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

ක්‍රිස් රොජර්ස් මහතා ඇතුළු විදේශ පුහුණුකරුවන් තිදෙනකු පිළිබඳව මේ වන විට අවධානය යොමුවී ඇති බවත් එම පුහුණුකරුවන් අතර තරුණම පුහුණුකරු ක්‍රිස් රොජර්ස් බවත් පැවසේ.

ක්‍රිස් රොජර්ස් මහතා මේ වන විට වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඒ මහතා සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේවන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

හතලිස් හයවැනි වියේ පසුවන රොජර්ස් මහතා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල නියෝජනය කළ ආරම්භක පිතිකරුවකි. 

ඉන්දීය තරගාවලියට පෙර නව පුහුණුකරු බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය යොමුකර ඇති බවද පැවසේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් සහ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන යන මහත්වරු පසුගිය සතියේ එම තනතුරුවලින් ඉල්ලා අස්වූහ. 

ශ්‍රී ලංකා පිලේ පන්දු රුකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන විදේශ පුහුණුකරුගේ සේවය පිළිබඳව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එතරම් සතුටුදායක නොවන බව ද වාර්තා වේ. 

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved