Connect with us

ක්‍රීඩා

2024 T20 තීරණාත්මක තරඟ කිහිපයක් අද

Published

on

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අදපැවැත්වෙන 32 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්  විය.

උගන්ඩාව සමඟ පැවැත්වෙන මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය තීරණය කළේ, පළමුවෙන් පන්දු රැකීමටයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට ආරම්භ වූ තරගය පැවැත්වෙන්නේ  Brian Lara Stadium, Tarouba, Trinidad හිදීය .

ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 05.00ට ආරම්භ වූ 31 වැනි තරගය වූ දකුණු අප්‍රිකා – නේපාල තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට නේපාලය සමත් විය.

එමෙන්ම T20 ලෝක කුසලානයේ 33 වැනි තරගය ලෙසින් ඉන්දියාව සහ කැනඩාව සහභාගීවන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08.00 ට Central Broward Regional Park Stadium Turf Ground, Lauderhill, Florida හිදී ද, 34වැනි තරගය ලෙසින් නැමීබියාව සහ එංගලන්තය Sir Vivian Richards Stadium, North Sound, Antigua හිදි ශ්‍රී ලංකා වෙලාවෙන් අද රාත්‍රී 10.30ට තරග වැදීමට නියමිතය.

ක්‍රීඩා

වනිඳු යළිත් අංක එකට

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ නවතම විස්සයි20 තුන්ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ අංක එකට පැමිණීමට ශ්‍රී ලංකා නායක වනිඳු හසරංගට හැකිවී ඇත.

වනිඳු මීට පෙර ඉකුත් මැයි මස අවසානයේදී ද මෙහි පෙරමුණගෙන සිටියත්, ලෝක කුසලාන තරගාවලියේදී පිතිකරුවෙකු ලෙස අසාර්ථකවීම හේතුවෙන් පසුබැසීමට සිදුවිය.

විස්සයි20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ තරගවලදී වනිඳුට දවාගැනීමට හැකිවූයේ කඩුලු 06ක් පමණක් වූ අතර, පන්දුවට පහරදීමේදී රැස්කළේ නොදැවී ලකුණු 20ක් පමණි.

තරග දෙකකදීම වනිඳුට ලකුණු නොලබාම පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

ඒ හේතුවෙන් වනිඳුගේ අංක එක උදුරාගැනීමට ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නබිට හැකිවිය.

කෙසේ නමුත් නබිගේ තුන්ඉරියව් දක්ෂතා ද සැලකිය යුතු ලෙසින් ප්‍රදර්ශනය නොවීම හේතුවෙන් ඔහුට දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට මේ වනවිට සිදුව ඇත.

මේ අතර ස්ථාන 04ක ඉදිරියට පැමිණ ඉන්දියාවේ හර්දික් පාණ්ඩ්‍යා මෙහි තෙවැනි ස්තානයට පැමිණ සිටියි.

එමෙන්ම ස්ථාන 03කින් පහළට ගිය ඔස්ට්‍රේලියාවේ මාකස් ස්ටොයිනිස්ට වත්මන් ශ්‍රේණිගත කිරීම්වල හිමිව ඇත්තේ 04වැනි ස්ථානයයි.

වනිඳුගෙන් පසු ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයා දසුන් ශානකයි. ඔහුට මේ වනවිට 14වැනි ස්ථානය හිමිව ඇත.

Continue Reading

ක්‍රීඩා

මහේල, සිල්වර්වුඩ් ඉල්ලා අස්වේ!

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මහේල ජයවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මේ අතර, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ද ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

සිල්වර්වුඩ්ගේ ඉල්ලා අස්වීම පිළිබඳ ක්‍රිකට් ආයතනය සළකා බලන බවත් ඔහුව එළඹෙන ඉන්දීය හා එංගලන්ත සංචාර සඳහා රඳවා ගැනීමේ බලාපොරොත්තුවක් ඇති බවත් වාර්තා වේ.

මොවුන් අනුව යමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස අසාර්ථක ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ සනත් ජයසුරියද ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවත් මේ අතර කසුකුසුවක් පවතියි.

Continue Reading

ක්‍රීඩා

ඩක්වර්ත් ලුවිස් න්‍යාය හඳුන්වා දුන් ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සමුගනියි

Published

on

By

වර්ෂාවෙන් බාධා එල්ලවූ ක්‍රිකට් තරගවල ප්‍රතිඵලය තීරණය කිරීමට යොදාගන්නා ඩක්වර්ත් – ලුවිස් ක්‍රමවේදයේ එක නිපැයුම්කරුවෙක් වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඔහු මියයන විට 84 වැනි වියේ පසුවිය.

ඉංග්‍රීසි ජාතික සංඛ්යානවේදීන් වන ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් විසින් නිර්මාණය කරන ලද එම ක්‍රමවේදය පළමුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී භාවිත කළේ 1997 දීය.

එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විධිමත් ලෙස සම්මත කරන ලද්දේ 2001 දීය.

නමුත් 2014 දී DLS ලෙස එම ක්‍රමවේදය නම්කරන ලද්දේ ඔස්ට්‍රේලියානු ජාතික ස්ටර්න් විසින් එම ක්‍රමවේදයට සිදුකළ වෙනස්කම් සමගිනි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved