ක්‍රීඩා

2025 ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට දින නියමවේ

Published

on

ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පැවැත්වෙන පළමු නිලවරණය මෙය බවට පත් වෙද්දී ඡන්ද සංඛ්‍යාව ද 147 සිට 60 දක්වා අඩු කර තිබීමත් කැපී පෙනෙන්නකි.

ඉදිරි දෙවසරක කාලය සදහා ක්‍රිකට් බලය අල්ලන්නට අදාළ නාමයෝජනා කැදවීම මේ වනවිට අවසන් වී ඇති අතර වත්මන් සභාපතිවරයා ඇතුළු පාර්ශවය පමණක් මෙවර නිලවරණය සඳහා ද නාම යෝජනා භාර දී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා සඳහා වන විරෝධතා භාරදීමට ජනවාරි මස 29 වැනිදා දක්වා කාලය ලබා තිබේ.

Trending

Exit mobile version