Connect with us

ක්‍රීඩා

93 වැනි ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය සතිඅන්තයේ!

Published

on

මෙරට ප්‍රධාන බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද සහ නාලන්ද විදුහල් අතර පැවැත්වෙන 93 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය එළඹෙන මාර්තු 4 සහ 5 දෙදින කොළඹ SSC පිටියේ දී පැවැත් වේ.

කොරෝනා වසංගත තත්වයත් සමඟ වසර දෙකක කාලයකට පසුව ප්‍රථම වරට ප්‍රේක්ෂක සහභාගීත්වය සම්බන්ධයෙන් කිසිදු සීමාවක් නොමැතිව මෙවර මේ මහා තරගය පැවැත්වීම විශේෂිතය.

අවසන් වරට පැවැත්වුණු සුලෝහිත සංග්‍රාමය නාලන්දයට සුවිශේෂී වූ අතර එහි දී ඔවුන් වසර 69කට පසු දෙදින මහා තරගයක් ජය ගනිමින් ආචාර්ය එන්. එම් පෙරේරා කුසලානය ඔවුන් සතුකර ගන්නට සමත් විය. 

එසේම ආනන්ද ක්‍රීඩකයින් අවසන් වරට දෙදින මහා තරගයක් ජයගෙන  ඇත්තේ මීට දශක දෙකකට පෙර 2003 වසරේ දීය. 

ඒ දුමින්ද කුලරත්නගේ නායකත්වයෙනි

1924 සිට පැවැත්වෙන මේ මහා තරග ඉතිහාසය පුරාවට තීරණයක් සහිතව තරග අවසන් වී ඇත්තේ 19ක් පමණි.

ඒ අනුව මේ දක්වා ක්‍රීඩා කර තිබෙන තරග 92න් තරග 12ක් ආනන්ද විද්‍යාලය ජයග්‍රහණය කර තිබෙන අතර තවත් තරග 7ක් නාලන්දා විද්‍යාලය ජයගෙන තිබෙනවා. 

තරග 73ක් අවසන් වී ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.ආනන්ද පිල

තෙවැනි වසරටත් පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වේගපන්දු යවන ක්‍රීඩක නෙත්ම සමරවීරගේ නායකත්වයෙන් ආනන්ද මෙවර තර වදියි.

ආනන්ද පිල මෙසේය.

නෙත්ම සමරවීර (නායක), ඉරුත් ගිම්ශාන් (උපනායක), ඉසුරු වීරසූරිය, අයේෂ් ශෂීමාල්, විලාෂ් කරුණාරත්න, විදුන විජේබණ්ඩාර, යෙහාන් ගුණසිංහ, අශිංස නයිනායක, කවීෂා මෙන්ඩිස්, පුලිඳු කිරිඇල්ල, කිත්ම විදානපතිරණ, මලීෂ පෙරේරා, කාංචන ද ලිවේරා, රුවිශාන් පෙරේරා, දිනද අතලගේ, කෙනුල ද සොයිසා, ජනුදික ශ්‍රියාපාල (ප්‍රධාන පුහුණුකරු), සංජය දේවපුර (සහාය පුහුණුකරු)නාලන්දා පිල

තෙවැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙක් වන චනුල් අතුකෝරල මෙවර මහා තරගයේ දී නාලන්දා කණ්ඩායම මෙහෙයවනු ලබයි. 

මෙය ඔහු ක්‍රීඩා කරනු ලබන දෙවැනි මහා තරගයයි.

නාලන්දා පිල මෙසේය.
චනුල් අතුකෝරල (නායක), සජිත විතානගේ (උප නායක), එරංග ජයකොඩි, මිනෝද් කල්දේරා, කුශ්මිත සිල්වා, යසිරු සමරකෝන්, රුසිරු විලෝචන, ජනුල ඉඳුසර, සදෙව් සමරසිංහ, සෙනේෂ් විජේසිංහ, අකේෂ් මනෝරත්න, තිසර දෙව්දුනු, සත්මින සේරසිංහ, රිසත් ජයරත්න, ඔසඳ පමුදිත, තිමත් හේරත්, මාලිංග සුරප්පුලිගේ (ප්‍රධාන පුහුණුකරු), රුවන් දිසානායක (සහාය පුහුණුකරු)

ක්‍රීඩා

IPL අත්හිටුවයි

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය. 

Continue Reading

ක්‍රීඩා

රෝහිත් ශර්මා ටෙස්ට් පිටියට සමුදෙයි

Published

on

By

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

සිය තීන්දුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළ ශර්මා පවසා ඇත්තේ ටෙස්ට් සුදු ඇඳුමින් සැරසී සිය රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් බවයි.

කෙසේවෙතත්, තමා තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග වල ක්‍රීඩා කරන බවද ඔහු පවසා ඇත.

2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව ඔහු T20 ජාත්‍යන්තර තරග බිමෙන්ද විශ්‍රාම ගියේය. 

මේ වනවිට 38වන වියේ පසුවන රෝහිත් ටෙස්ට් තරග 67ක ඉනිම් 116කදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකර ඇත. එහිදී ලකුණු 4301ක් රැස්කර ඇති රෝහිත්, ශතක 12ක් හා අර්ධ ශතක 18ක් වාර්තාකර තිබේ.

Continue Reading

ක්‍රීඩා

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

අවසන් වරට ඉකුත් පෙබරවාරි මස සිදුකල ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව රැදී සිටියේ 5වන ස්ථානයේය.

මෙහි පෙරමුණ ඉන්දියාවට හිමිව ඇත.

ඊට අමතරව දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය  ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved