Connect with us

ක්‍රීඩා

ICC නිලධාරීන් ලංකාවට ආවේ ඔවුන්ගේ වියදමින්ද?

Published

on

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට දේශපාලන අතපෙවීම් සිදු වෙනවාදැයි සොයා බැලීම සඳහා මේ දිනවල මෙහි පැමිණ සිටින එහි උප සභාපති ඉම්රාන් කවාජා මහතා ඇතුළු නිලධාරීන් දෙදෙනා අද (11) සවස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හමු වීමට නියමිතය. 

ඔවුන් දෙදෙනා ඊයේ ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව මුණ ගැසුණු අතර සවස ජනාධිපතිවරයා මුණ ගැසීමට නියමිතව සිටි බව පැවසේ.

කෙසේවුවද, ජනපතිවරයා මුණ නොගැසුණු ඔවුන් ජනාධිපති උපදේශක සාගල රතනායක මහතා මුණ ගැසී ඇත. 

මොවුන් මෙහි පැමිණ ඇත්තේ ක්‍රිකට් ආයතනයේ ඉල්ලීමක් අනුව බව වාර්තා වේ. 

මේ අතර, ‌මෙවැනි ද‌ේශපාලන මැදිහත්වීම් සිදුවන වෙනත් රටවල්ද තිබියදී මොවුන් ශ්‍රී ලංකාව ඉලක්ක කර පැමිණීම සම්බන්ධයෙන් ක්‍රිකට් ප්‍රවීනයන් කිහිප දෙනකු සැකමතුකර තිබේ.

මේ වන විට අයිසීසි ය පවා යටපත් කරගෙන සිටින ලොව වඩාත්ම ධනවත් සාමාජිකයා වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයද වසර ගණනක් මුළුල්ලේ පාලනය කරනු ලබන්නේ ව්‍යවස්ථානුකූලව පත් කර ගන්නා නිලධාරි මණ්ඩලයකින් නොව සුප්‍රීම් උසාවි නියෝගයක් අනුව පත් කරගත් නිලධාරි මණඩලයකින් බව ඔවුහු පෙන්වා දෙති.

පාකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කරනු ලබන්නේ කෙළින්ම එහි අගමැතිවරයාය.

හිටපු අගමැති ඉම්රාන් ඛාන් බලයෙන් පහ වූ විගස ඔහු විසින් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස පත් කර තිබූ රමීස් රාජා ඉවත් කර නව අගමැතිවරයා විසින් වෙනත් අයකු පත් කරන ලදී.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයද හැම විටම සැදුම් ලත් වනුයේ පවතින රජයට හිතවත් අයගෙනි.

සිම්බාබ්වේ ක්‍රිකට් පවා පාලනය කෙරෙනුයේ රජයට  ඕනෑ ආකාරයටය. 

වරින් වර විවිධ හේතු කියමින් මෙහි පැමිණෙන අයිසීසී නිලධාරීන් එසේ එන්නේ ඔවුන්ගේ වියදමින්ද නැතහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් වියදමින්ද යන්නත් සොයා බැලිය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

සබැදි පුවත්

SLCය ට ඇති දේශපාලන බලපෑම් හොයන්න ICC ලොක්කෙක් එයි

ක්‍රීඩා

චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි

Published

on

By

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබේ.

ඒ තරගාවලි අතරතුර කණ්ඩායමෙන් ඉවත් වූ කෝබින් බෝශ් වෙනුවටය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වන චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක් මුම්බායි කලමණාකාරිත්වය විසින් නියමකර තිබේ.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 26.4ක් පමණ වේ.

Continue Reading

ක්‍රීඩා

ඉන්දියාව ආසියානු ක්‍රිකට් කවුන්සිල වර්ජනයක?

Published

on

By

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින වත්මන් රාජත්‍රාන්තික අර්බුදය මීට හේතුවයි.

එළැඹෙන මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ඇතුළුව සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

කොදෙව් ටෙස්ට් නායකත්වයට රොස්ටන් චේස්

Published

on

By

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නව නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස් නම්කර ඇත. 

33 හැවිරිදි වියේ පසුවන චේස්, කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් තරග 49ක ඉනිම් 90කදී ලකුණු 2,265ක් රැස්කර තිබේ.

ඔහු ශතක 5ක් හා අර්ධ ශතක 11කට හිමිකම් කියයි.

චේස් නායකත්වය දරණ පළමු ටෙස්ට් තරගය ඔහුගේ 50වන ටෙස්ට් තරගය වනු ඇත.

කෙසේ නමුත් 2023 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාකළ ටෙස්ට් තරගාවලියෙන් පසු ඔහු මේ දක්වා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩාකර නොමැත.

කොදෙව් ටෙස්ට් නායක ලෙස කටයුතු කළ ක්‍රේග් බ්‍රැත්වේට් පසුගිය මාර්තු මස ඉන්දීය කොදෙව් නායකත්වයෙන් ඉවත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved