Connect with us

ක්‍රීඩා

IPL කිරුළ කොල්කටා නයිට් රයිඩර්ස්ට

Published

on

2024 IPL තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (26) රාත්‍රියේදී සමත්විය.

ඒ හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් පන්දුවාර 10.3කදී කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කරමිනි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වෙන්කටේෂ් අයියර් පන්දු 26කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 52ක් රැස්කරගත්තේය.

පිළිතුරු ඉනිම ආරම්භයේදී ඔහුට අගනා සහායක් ලබාදුන් රමනුල්ලා ගුර්බාස් පන්දු 32කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 39ක් රැස්කරගත්තේය.

කොල්කටා නයිට් රයිඩර්ස් පිල‍ේ සම හිමිකරුවන් වන්නේ බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන් හා නිළි ජුහී චව්ලාය.

IPL ඉතිහාසයේ තරගවාරයකදී වාර්තා වූ වැඩිම හයේ පහරවල් වාර්තා වූ තරගවාරය මෙවර ලෙස ද ඉතිහාසයට එක්විය.

මෙම තරග වාරයේදී හයේ පහරවල් 1260 ක් සහ හතරේ පහරවල් 2174 ක් වාර්තා වී තිබිණි.

වසර 06කට පසු අයි.පී.එල්. අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමට මෙවරත් සිය බලාපොරොත්තු ඉටුකර ගැනීමට නොහැකි විය.

අයි.පී.එල්. ඉතිහාසයටම එක් කිරුළකට හිමිකම් කියන හයිද්‍රබාද් කණ්ඩායම එය දිනාගනු ලැබුවේ 2016 වසරේදීය.

ඔවුන් අවසන් වරට 2018 වසරේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූවත්, එවරද ඔවුන්ට චෙන්නායි හමුවේ පරාජයට පත් විය.

කොල්කටා කණ්ඩායම මේ ජයග්‍රහණය ලබා ගත්තේ වසර 10කට පසුවය.

ඔවුන්ද 2021 වසරේදී අවසන් මහා තරගය සුදුසුකම් ලැබූවත්, චෙන්නායි හමුවේ පරාජය වී අනුශූරතාවට පමණක් සීමාවීමට සිදු විය.

ඔවුන් අවසන් වරට අයි.පී.එල්. ශූරයන් ලෙසින් කිරුළු පැළදියේ 2014 වසරේදීය.

හයිද්‍රබාද් කණ්ඩායමේ සම හිමිකාරිනියක් ලෙස කාව්‍ය මාරන් කටයුතු කරනු ලබයි.

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

Published

on

By

සත්කාරක ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (02)  පැවැත්වීමට නියමිතය.

තරගාවලියේදි චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවන්නේ මෙහෙදි හසන් මිරාස් ය.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද(02) තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙන් ය.

අද තරගයට මිලාන් රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩකඩක් පවතින බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අද තරගය පස්වරු 02.30ට ආරම්භ කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved