2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගය අද(29) පැවැත්වේ.
ඒ පංජාබ් කිංග්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම් අතරයි.
අද තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කර ගන්නා පළමු කණ්ඩායම බවට පත්වනු ඇත.
ඉන්දියාවේ මුල්ලාන්පූර්හිදි පැවැත්වෙන අද තරගය මෙරට වෙලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.