ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පෙරලිකාර කණ්ඩායමක් බවට පත්වෙමින් අවසන් පූර්ව වටයට පිවිසීමට පාකිස්ථානය අද (06) සමත් විය.
ඒ බංග්ලාදේශය සමගින් පැවති තරගය කඩුළු 5 කින් ජය ගැනීමත් සමඟය.
ඇඩිලේඩ් හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 127 ක් රැස් කලේය.
ආරම්භක පිතිකරු නජ්මුල් ෂාන්ටෝ ලකුණු 54 ක් රැස් කලේය.
පන්දු යැවීමේදී ෂාහින් ෂා අෆ්රිඩි කඩුළු 4 ක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානය පන්දුවාර 18.1 ක් අවසානයේ කඩුළු 5 ක් දැවී නියමිත ඉලක්කය පසුකර ගියහ.
ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් ලකුණු 32 ක්ද මොහොමඩ් රිස්වාන් පන්දු 18 කදී ලකුණු 31ක්ද රැස් කළහ.
මේ අතර නෙදර්ලන්තය හමුවේ ලකුණු 13 කින් පරාජයට පත්වූ දකුණු අප්‍රිකාවට මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට ගමන් කිරිමට තිබූ අවසන් අවස්ථාවද ගිලිහී ගියේය.
තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරග තුනේදීම අපරාජිත වූ දකුණු අප්‍රිකාව අවසන් තරග ද්විත්වය පරාජයට පත්වූ අතර සිම්බාබ්වේ සමගින් පැවති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
එය දකුණු අප්‍රිකාවට අවාසනාවන්ත ලෙස ලෝක කුසලානයෙන් ඉවත්වීමට හේතු විය.
දකුණු අප්‍රිකාවට ප්‍රසාද ලකුණු සටහනේ හිමිවූයේ තෙවැනි ස්ථානයයි.