Connect with us

ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා පිල ආසියානු කුසලාන අවසන් තරගයට

Published

on

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ තියුණු තරඟයකින් අනතුරුව පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කරමිනි.

ඒ අනුව කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව පිවිසෙන්නේ වසර 14කට පසුව වීමද විශේෂත්වයකි.

තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 122ක් රැස්කරගැනීමට සමත්විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 35ක් ලබාගැනීමට සමත්විණි.

අනුෂ්කා සංජීවනී ලකුණු වේගවත් 26ක් රැස්කරගත්තාය.

පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් නෂ්‍ රා සඳු කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් රැස්කරමින් කණ්ඩායම අවසාන මොහොත දක්වා ජයග්‍රහණයේ බලාපොරොත්තුවෙන් ඉදිරියට මෙහෙයවන්න බිෂ්මා මහරුෆ් සමත්විය.

බිෂ්මා මහරුෆ්ගේ ඉනිම ලකුණු 42කින් වර්ණවත් වුවද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු යැවීමෙන් එල්ලකළ අභියෝගය ජයගැනීමට එය ප්‍රමාණවත් නොවුනි.

නිඩා දාර් පාකිස්තානය වෙනුවෙන් ලකුණු 26ක් රැස්කළේය.

ඉනෝකා රණවීර තරගයේ ක්‍රීඩිකාව බවට පත්විය.

අවසන් පන්දුවාර කිහිපයේ තියුණු සටනකින් අනතුරුව ලකුණු 1කින් තරගය ජයගෙන මෙවර ආසියානු කුසලාන අවසන් ගැටුමට පිවිසීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

Continue Reading

ක්‍රීඩා

ජුනි මාසයේ ICC දක්ෂයින් අතරට ගිය පැතුම්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක ජුනි මාසයේ ලොව දක්ෂතම ICC ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී තිබේ.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනි.

දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා සහ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්රම්ද ඒ අතරට ඇතුළත්.

මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය පිරිනමයි.

Continue Reading

ක්‍රීඩා

ICC ප්‍රධාන විධායක තනතුරට, සංජෝග් ගුප්තා

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් සංජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර සිටී.

සංජෝග් ගුප්තා දැනට ජියෝස්ටාර් හි ක්‍රීඩා සහ සජීවී අංශ සඳහා ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරනු ලබයි. එසේම ඔහු ගෝලීය මාධ්‍ය, විනෝදාස්වාද සහ ක්‍රීඩා මාධ්‍ය සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයෙකු ලෙස ද සැලකේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසින් ජේ ෂා පසුගිය 2024 දෙසැම්බර් 01 සිට පත්වූ අතර මෙලෙස එහි ප්‍රබල තනතුරු දෙකක්ම ඉන්දියානුවන් අතට පත්ව තිබීම විශේෂත්වයකි.

සංජෝග් ගුප්තා ICC ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ හත්වැනි පුද්ගලයා වේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කරයි

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම් කර තිබේ.

චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ.

එම ක්‍රීඩක ලැයිස්තුව පහතින් දැක්වේ.

  1. චරිත් අසලංක (නායක)
  2. පැතුම් නිස්සංක
  3. කුසල් මෙන්ඩිස්
  4. දිනේෂ් චන්දිමාල්
  5. කුසල් පෙරේරා
  6. කමිඳු මෙන්ඩිස්
  7. අවිශ්ක ප්‍රනාන්දු
  8. දසුන් ශානක
  9. දුනිත් වෙල්ලාලගේ
  10. වනිඳු හසරංග
  11. මහීෂ් තීක්ෂණ
  12. ජෙෆ්රි වැන්ඩසේ
  13. චාමික කරුණාරත්න
  14. මතීෂ පතිරණ
  15. නුවන් තුෂාර
  16. බිනුර ප්‍රනාන්දු
  17. එෂාන් මාලිංග

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved