Connect with us

ක්‍රීඩා

පාපන්දු සම්මේලනයේ ඊමේල් වෙනස, ඩොලර් 30,000 චෝදනාව නිසාද?

Published

on

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පරිපාලනමය සංක්‍රාන්තියක පවතින මොහොතක එහි ඊ-මේල් ලිපිනයන් ඇතුළු තොරතුරු තාක්ෂණික දත්ත පද්ධතියේ වෙනසක් සිදුවීමට හදිසියේම කටයුතු යෙදීම පාපන්දු ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇතැයි වාර්තා වේ.

පාපන්දු සම්මේලන මූලස්ථානයේ මානව සම්පත් අංශය විසින් ඉකුත් 24 වැනිදා වට්ස්ඇප් පණිවුඩයක් යොමුකරමින් එහි අදාළ සියලු ඊ-මේල් ලිපිනයන් අලුත් වන බවත්, එනිසා දිනක කාලයක් ගතවනතුරු පවතින ඊ-මේල් ලිපිනයන් අවහිර වන බවක් දන්වා ඇතැයි පැවසේ.

පාපන්දු සම්මේලනයේ ඉකුත් දා වනතුරු පැවැති පරිපාලනය යටතේ සිදුවූ පාපන්දු සම්මේලනයේ ගනුදෙනු සම්බන්ධ‍යන් දැඩි විවේචන සහ බරපතළ චෝදනා එල්ල වී ඇති අවස්ථාවක ඒ පිළිබඳ සංවේදී දත්ත සහිත සම්මේලනයේ නිල ඊ-මේල් ලිපිනයන් සහ අදාළ ඩිජිටල් දත්ත සම්බන්ධ‍යන් බලපෑමක් වන කටයුත්තක් හදිසියේම යෙදීම පාපන්දු ක්ෂේත්‍රයේ දැඩි සැකයකට තුඩු දී ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ 2297/94 හා 2022.09.17 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ඔක්තෝබර් 31 වැනිදා දක්වා සිය නිලතල දැරීමට පාපන්දු සම්මේලන බලධාරීන්ට අවස්ථාව යෙදී තිබුණද ඉකුත් 21 වැනිදා එකී ගැසට් නිවේදනය හදිසියේම අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කිරීමත් සමග පාපන්දු බලධාරීන්ට අනපේක්ෂිත මොහොතක සිය බලතල අහිමි විය.

පාපන්දු සම්මේලනයේ ගිණුමට බැරවිය යුතු ඇමරිකානු ඩොලර් 30,000ක මුදලක් පුද්ගලික ගිණුමකට බැර කිරීමට ප්‍රයත්න දැරීම ඇතුළු රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් එම බලධාරීන්ට එල්ල වන චෝදනාවලට අදාළ සාක්ෂි අතුරුදන් කිරීමට මෙවන් මොහොතක ඔවුන්ගේ බලපෑමක් මත මෙම හදිසි තොරතුරු තාක්ෂණික වෙනස්කම සිදුකරන්නේද යන පැනය ක්ෂේත්‍රයේ පිරිස් මතු කරති.

මේ අතර සිය නිලතල අහෝසි වී ඇති මොහොතක පාපන්දු සම්මේලන මූලස්ථානයේ රැඳී සිටියේය යන්න සම්බන්ධයෙන් ඉකුත් 23 වැනිදා කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කිරීමට හිටපු සභාපතිවරයෙක් වන අනුර ද සිල්වා කටයුතු කර තිබුණි.

මූලාශ්‍රය – අරුණ

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට

Published

on

By

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා ලදී.

ඒ ඊයේ (05) පැවති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කිරීමත් සමඟය.

අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් දෙකම මෙම වසරේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මේ අතර ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 149ක් ලබා ගත් අතර,

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශ්මි ගුණරත්න ලකුණු 45ක් ලබා ගැනීමට සමත්වූවාය.

පිළිතුරු ඉනිම සඳහා පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 134ක් පමණි.

ඒත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 15ක ජයක් හිමිවිය.

පන්දු යැවීමේ දී චමරි අතපත්තු ලකුණු 28කට කඩුලු 02ක් දවා ගත්තාය.

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩක ගෙවීම් වැඩිකරයි!

Published

on

By

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.

නව තරග ගාස්තුව එක් එක් ක්‍රීඩකයාගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව මත පදනම්ව ඉහළ නැංවන බවත් එම ගාස්තු ඉහළ දැමීමත සමඟ ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයෙක්ට අමෙරිකානු ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 44 කට ආසන්න මුදල් හිමිවන බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

ක්‍රීඩා

යුපුන් හා නදීෂා තවත් පදක්කම් 2ක් ලංකාවට එකතු කරයි

Published

on

By

ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන “UAE Athletics Grand prix  2024” තරගාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීට යුපුන් අබේකෝන් සමත්විය.

යුපුන් අබේකෝන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මිටර් 100 තරගය තප්පර 10.18 (+1.2) කින් අවසන් කිරීමට හැකිවීම ගැන තමන් මහත්සේ සතුටට පත්වන බවය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන්ගේ එකම බලාපොරොත්තුව පැරිස් ඔලිම්පික් උළෙල බවය. 

මේ අතර, එම තරගාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට නදීෂා රාමනායක සමත්ව ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved