Connect with us

ක්‍රීඩා

T20 කාන්තා ලෝක කුසලානය නවසීලන්තයට

Published

on

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතා තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 32කින් පරාජය කර ශූරතාව දිනාගැනීමට නවසීලන්තය සමත් විය.

ඒ අනුව කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්තය ජයග්‍රහණය කළ පළමු ලෝක කුසලානය ලෙස මෙය වාර්තා අතරට එක්විය.

කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් සති කිහිපයක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (20) රාත්‍රියේදී ඩුබායිහිදී පැවැත්විණි.

මෙහිදී නවසීලන්තයෙන් හිමි වූ ලකුණු 159ක ඉලක්කයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 126ක් ක් පමණි.

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්තය අවසන් මහා තරගයක් ක්‍රීඩාකළ තෙවැනි අවස්ථාව මෙයයි.

ඔවුන් මීට පෙර 2009 හා 2010 වර්ෂයන්හි අවසන් මහා තරගය ක්‍රීඩාකළද, එම දෙවතාවේදීම අනුශූරතාවෙන් සෑහීමට සිදුවිය.

ක්‍රීඩා

ජුනි මාසයේ ICC දක්ෂයින් අතරට ගිය පැතුම්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක ජුනි මාසයේ ලොව දක්ෂතම ICC ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී තිබේ.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනි.

දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා සහ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්රම්ද ඒ අතරට ඇතුළත්.

මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය පිරිනමයි.

Continue Reading

ක්‍රීඩා

ICC ප්‍රධාන විධායක තනතුරට, සංජෝග් ගුප්තා

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් සංජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර සිටී.

සංජෝග් ගුප්තා දැනට ජියෝස්ටාර් හි ක්‍රීඩා සහ සජීවී අංශ සඳහා ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරනු ලබයි. එසේම ඔහු ගෝලීය මාධ්‍ය, විනෝදාස්වාද සහ ක්‍රීඩා මාධ්‍ය සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයෙකු ලෙස ද සැලකේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසින් ජේ ෂා පසුගිය 2024 දෙසැම්බර් 01 සිට පත්වූ අතර මෙලෙස එහි ප්‍රබල තනතුරු දෙකක්ම ඉන්දියානුවන් අතට පත්ව තිබීම විශේෂත්වයකි.

සංජෝග් ගුප්තා ICC ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ හත්වැනි පුද්ගලයා වේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කරයි

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම් කර තිබේ.

චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ.

එම ක්‍රීඩක ලැයිස්තුව පහතින් දැක්වේ.

  1. චරිත් අසලංක (නායක)
  2. පැතුම් නිස්සංක
  3. කුසල් මෙන්ඩිස්
  4. දිනේෂ් චන්දිමාල්
  5. කුසල් පෙරේරා
  6. කමිඳු මෙන්ඩිස්
  7. අවිශ්ක ප්‍රනාන්දු
  8. දසුන් ශානක
  9. දුනිත් වෙල්ලාලගේ
  10. වනිඳු හසරංග
  11. මහීෂ් තීක්ෂණ
  12. ජෙෆ්රි වැන්ඩසේ
  13. චාමික කරුණාරත්න
  14. මතීෂ පතිරණ
  15. නුවන් තුෂාර
  16. බිනුර ප්‍රනාන්දු
  17. එෂාන් මාලිංග

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved