පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද (28) පැවැත්වේ.
ඒ, නෙදර්ලන්තයට එරෙහිවයි.
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සත්කාරකත්වයෙන් පැවැත්වේ.
ශ්‍රී ලංකාව එහි මූලික වටයේදී තරග කරන්නේ ඩී. කාණ්ඩයෙනි.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර පුහුණු තරගය අමෙරිකාවේ ලවුඩර්හිල්හිදී පැවැත්වීමට නියමිතය.
අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියමිතව ඇත.