Connect with us

ක්‍රීඩා

T20 ලෝක කුසලානය දිනා දස වසරයි

Published

on

ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල 2014 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට (06) වසර 10ක් සපිරෙයි.

මෙම අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණේ බංග්ලාදේශයේ ඩකා නුවර ජාතික ක්‍රිකට් ක්‍රීඩාංණයේදීය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 130 ක් රැස් කළ‍ේය.

ප්‍රබල පිතිකරු බලඇණියකින් යුක්ත වූ ඉන්දීය පිල මෙහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් මනාව පාලනය කළ අතර නායක ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර අවසන් පන්දුවාර කිහිපයේදී යොමු කළ වයිඩ් යෝකර් පන්දු ඉන්දීය පිතිකරුවන් අසරණ කළේය.

ලකුණු 131ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගල ලකුණු 41ක් තුළ දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත්විය.

මහේල ජයවර්ධන ලකුණු 24ක් රැස් කළේය.

කුමාර් සංගක්කාර සහ තිසර පෙර්රා 5වන කඩුල්ලට පන්දු 32කදී නොබිඳුනු ලකුණු 56ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිල ජය මාවත විවර කර දුනි.

ඒ අනුව ශ්‍රී ලංකා පිල පන්දුවාර 17.5ක් අවසානය කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් සිය කුළුඳුල් 20-20 ලෝක කුසලානය දිනා ගත්තේය.

කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 52ක් රැස් කළ අතර තිසර පෙරේරා පන්දු 14කදි හයේ පහර 3ක් සමගින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 23කි.

තිසර පෙරේරා ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහී ලකුණ සනිටුහන් කළේ හයේ පහරක් එල්ල කරමිනි.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ මෙම සුවිශේෂී තරගයෙන් පසු මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ජාත්‍යන්තර 20-20 පිටියෙන් සමුගත්තේය.

ක්‍රීඩා

වනිඳුට පළමු තරගය අහිමි වෙයිද?

Published

on

By

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග බංග්ලාදේශයට එරෙහිව හෙට (10) පැවැත්වෙන පළමු 20යි 20 තරගයට සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වෙයි.

ඔහුගේ පාදයේ කලවා ප්‍රදේශයේ මාංශ පේශීවල ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම අවිනිශ්චිතතාවය මතුව ඇත.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු 20 -20 තරගය හෙට රාත්‍රී 7ට පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.‍

Continue Reading

ක්‍රීඩා

ජුනි මාසයේ ICC දක්ෂයින් අතරට ගිය පැතුම්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක ජුනි මාසයේ ලොව දක්ෂතම ICC ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී තිබේ.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනි.

දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා සහ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්රම්ද ඒ අතරට ඇතුළත්.

මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය පිරිනමයි.

Continue Reading

ක්‍රීඩා

ICC ප්‍රධාන විධායක තනතුරට, සංජෝග් ගුප්තා

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් සංජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර සිටී.

සංජෝග් ගුප්තා දැනට ජියෝස්ටාර් හි ක්‍රීඩා සහ සජීවී අංශ සඳහා ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරනු ලබයි. එසේම ඔහු ගෝලීය මාධ්‍ය, විනෝදාස්වාද සහ ක්‍රීඩා මාධ්‍ය සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයෙකු ලෙස ද සැලකේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසින් ජේ ෂා පසුගිය 2024 දෙසැම්බර් 01 සිට පත්වූ අතර මෙලෙස එහි ප්‍රබල තනතුරු දෙකක්ම ඉන්දියානුවන් අතට පත්ව තිබීම විශේෂත්වයකි.

සංජෝග් ගුප්තා ICC ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ හත්වැනි පුද්ගලයා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved