Connect with us

ක්‍රීඩා

ලෝක කුසලානය ඇරඹෙයි ; කාසියේ වාසිය ලංකාවට

Published

on

2022 පන්දුවාර 20යි 20 ලෝක ක්‍රිකට් ශූරතාවට අද (16) ඔස්ට්‍රේලියාවේ ජීලොන්ග්හිදී ආරම්භ වේ.

මෙවර තරගාවලිය ආරම්භ වන්නේ ආසියානු කලාපයේ අණසක පැතිරවූ වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතරයි.මේ වන විට කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකාව මුලින් පන්දුයැවීමට තීරණය කර ඇත.2022 පන්දුවාර 20යි 20 ලෝක ක්‍රිකට් කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 16ක් ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 7කදී තරග 45කට සහභාගි නියමිතය.

ක්‍රීඩා

IPL  කුසලානය කාටද?

Published

on

By

මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ සමත්විය.

ඒ අවසන් තරග වටයේ තුන්වැනි තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 36කින් පරාජය කරමිනි.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම IPL අවසන් තරගයකට සුදුසුකම් ලබා ගත් තුත්වැනි අවස්ථා මෙය වන අතර  මෙවර IPL අවසන් මහ තරගය කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර චෙන්නායි හිදී හෙට (26) පැවැත්වීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

යුපුන් ජර්මනියේදීත් එක වෙයි

Published

on

By

ජර්මනියේ පැවති Internationales Leichtathletik Meeting මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් විය.

ඔහු මෙම ඉසව්ව අවසන් කළේ තත්පර 10.16කිනි. 

යුපුන් මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර එම කාලය වාර්තා වුණේ යුපුන් මෙම කාලසීමාවේදී දැක් වූ හොඳම දක්ෂතාවය ලෙසය.

Continue Reading

ක්‍රීඩා

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමට අලුත් හිමිකරුවෙක්

Published

on

By

එළඹෙන LPL තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් නිවේදනය කරයි.

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලංකා ප්‍රිමියර් ලීග් ඊයේ (22) කටයුතු කළ අතර, එහි හිමිකාරීත්වයේ වෙනසක් සමග මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වෙන බව අදාළ නිවේදනයේ දැක්වේ.

LPL තරගාවලියේ විනිවිඳභාවය සහ ගුණාත්මක භාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් බව සඳහන් වේ.

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම සඳහා යෝජනා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම් හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තමීම් රහමාන් මැයි  31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

සබැඳි පුවත්:

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved