Uncategorized

එක ෆැක්ට්‍රියක් වැසෙන බව MAS නිල වශයෙන් පිළිගනියි

Published

on

මාස් (MAS) හෝල්ඩිංග්ස් සමූහයට අයත් මිහින්තලේ පිහිටි කර්මාන්ත ශාලා දෙකක් වසා නොදමන බවත්, එක් කර්මාන්ත ශාලාවක් මාස 4ක කාලයකට තාවකාලිකව වසා දැමෙන බවත්, මාස් (MAS) හෝල්ඩිංග්ස් හි නිල සංනිවේදන ආයතනය වන ඇඩ් ෆැක්ටර් අපවෙත දන්වා තිබේ.

ඒ අප වෙබ් අඩවිය විසින් “මිහින්තලේ MAS ෆැක්ට්‍රි දෙකක වහයි; දහසකගේ රැකියා ඉවරයි” යන සිරස්තලය යටතේ ඊයේ (31) පළකරන ලද පුවතට ප්‍රතිචාර දක්වමිනි.

එසේම, එම සංනිවේදන ආයතනය කියා සිටින්නේ මෙසේ කර්මාන්ත ශාලාවක් වැසීමෙන් සේවකයන් 1000ක ගේ රැකියා අහිමිවීමක් සිදු නොවන බවයි.

පිළිතුරේ දිගුවක් ලෙස MAS සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතා මීට පෙර ඩේලි එෆ්ටී වෙත අදහස් දක්වමින්  “අපගේ නිෂ්පාදන ධාරිතාව සහ පොදු කාර්ය පිරිවැය තාවකාලිකව අඩු කර ගැනීම සඳහා අපි ඇතැම් කර්මාන්ත ශාලාවලට නිවාඩු ලබා දෙන්නෙමු. මෙම තාවකාලික වසා දැමීමේ කාලය තුළ මෙම කම්හල්වල සේවකයින්ට ඔවුන්ගේ වැටුප් ගෙවනු ලැබේ.” යනුවෙන් මේ සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීමක් සිදු කර ඇති බවද කියා සිටී.

වසර 36කට ආසන්න කාලයක් මෙරට විශාලතම ඇඟළුම් අපනායන සමගමක් ලෙස මාස් (MAS) හෝල්ඩිංග්ස් විශාල ධනස්කන්ධයක් රැස්කරගත් සමාගමකි.

තාවකාලිකව වැහුවත් රැකියාවලට බඩුම තමයි

කෙසේවුවද, තාවකාලිකව කර්මාන්ත ශාලාවක් වසා දැමීම එහි සේවකයන්ගේ රැකියා අහිමිවීමේ අවදානමට සෘජුවම බලපාන බව අප කළ විමසීමකදී නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් මහතා කියා සිටියේය.

මෙසේ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමූ විට කර්මාන්ත ශාලාවේ හිමිකරුවට ලබාදෙන්නේ මූලික වැටුප පමණක් බවත්, එම කර්මාන්ත ශාලාවල සේවකයන්ගේ මූලික වැටුප ඉතා අවම බවත් ඔවුන් ඔවුන්ට ඉන් ජීවත් විය නොහැකි බවත් මාකස් මහතා ‌කියා සිටී.

එම සේවකයනට මූලික වැටුපට අමතරව එකතුවන පැමිණීමේ දීමනාව, උනන්දු දීමනාව සේම ‌අඩු මිලට හෝ නොමිලේ ලැබෙන  ආහාර ‌වේල් ද වැදගත් බව  ඇන්ටන් මකස් මහතා පෙන්වා දෙයි.

කර්මාන්ත ශාලාව වැසීමෙන් පසුව ලැබෙන්නේ මූලික දීමනාව පමණක් නම් ඉන් සේවකයන්ට  ජීවත්වීම නොහැකි නිසා ඔවුන් රැකියාවෙන් ඉවත්වීමට කටයුතු කරක බවත්,  එය මෙවැනි කර්මාන්ත ශාලා හිමිකරුවන්ට වන්දි නොගෙවා සේවකයන්ව ඉවත් කිරීමට විශාල පිටුවහලක් ලැබෙන බවද ඔහු කියා සිටී.

වන්දි නොදී සේවක සංඛ්‍යාව අඩු කර ගැනීමට මෙම සමාගම මෙම සැලැසුම ම කොවිඩ් කාලයේදීත් ක්‍රියාත්මක කළ බවද ඔහු අවධාරණය කළ‌ේය.

සබැඳ පුවත්
මිහින්තලේ MAS ෆැක්ට්‍රි දෙකක වහයි; දහසකගේ රැකියා ඉවරයි 

Trending

Exit mobile version