Connect with us

විදෙස්

අප්‍රිකානු මුහුදේ බෝට්ටුවක් පෙරලී 60ක් මරුට

Published

on

සංක්‍රමණයින් රැගත් යාත්‍රාවක් බටහිර අප්‍රිකානු මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබේ.

අනතුරින් යාත්‍රාවේ සිටි පුද්ගලයින් 60 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ යාත්‍රාවේ සංක්‍රමණිකයින් සිය දෙනෙකු පමණ සිට ඇති බවයි.

සෙනගල් සහ සියෙරා ලියෝන් රටවල පුද්ගලයින් මෙම යාත්‍රාවේ සිට ඇති අතර යාත්‍රාව මාසයකට අධික කාලයක් මුහුදේ යාත්‍රා කරමින් තිබියදී එය ගසාගෙන ගොස් පෙරළී අනතුරට ලක්ව ඇති බව සඳහන්ය.

යාත්‍රාවේ සිටි පුද්ගලයින් 38 දෙනෙකු මුදාගැනීමට සමත් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

විදෙස්

එට්නා සක්‍රීය වෙයි

Published

on

By

යුරෝපයේ විශාලතම ගිනිකන්ද වූ එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇත.‍

ඒ අනුව ඉන් කිලෝ මීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවෙමින් පවිතන බව වාර්තා වෙයි.

මේ අනුව එහි සිටින සංචාරකයින් සහ කදු නගින්නන් වහාම ඉන් ඉවත් කෙරුණි.

එට්නා ගිනි කන්ද වසරකට අවස්ථා කිහිපයකදීම විදාරණය වන අතර එය සැලකෙන්නේ ලොව වඩාත්ම සක්‍රිය ගිනිකදුවලින් එකක් ලෙසය.

මෙවර සක්‍රියවී ඇත්තේ එහි ගිනිකොනදිග කුහරය බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ රාත්‍රියේ සිට ආරම්භ වූ විදාරණයේ හඩ සහ කම්පනය ඉන් කිලෝ මීටර් 50කටත් ඔබ්බෙන් පිහිටි කැටනියා නගරයට පවා දැනී තිබුණි.

මේ හේතුවෙන් ආසන්න කලාපයේ රැඳී සිටින ජනතාව සීරුවෙන් තැබීමට බලධාරින්ට සිදුව ඇති බව වාර්තා වෙයි.

Continue Reading

විදෙස්

අමෙරිකාවේ කොරලරාඩෝහි ත්‍රස්ත ප්‍රහාරයක්

Published

on

By

අමෙරිකාවේ කොරලරාඩෝ ප්‍රාන්තයේ බොල්ඩර් ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා අතර සඳහන් වන්නේ බොල්ඩර්හි පර්ල් වීදි සංකීර්ණයේ රැස්ව සිටි පිරිසකට  පුද්ගලයකු විසින් පෙට්‍රල් බොම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.

ගාසා තීරයේ රදවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සිහිකිරීම වෙනුවෙන් රැස් වු පිරිසකට එම ප්‍රෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ප්‍රමාණය මෙතෙක් වාර්තා කර නොමැති අතර ඔවුන් අතර බරපතල පිළිස්සුම් ලැබු පිරිසක් ද සිටින බව සඳහන් ය.

මේ වනවිට එම ප්‍රදේශයේ  ආරක්ෂාව තර කර ඇති අතර පර්ල් වීදියට ඉහලින් ගමන් කරන ඩ්‍රෝන ,හෙලිකොප්ටර් ඇතුළු සියලුම ගුවන් යානා සඳහා ඒ අවට ගුවන් අවකාශය මඟ හරින ලෙස ද ආරක්ෂක අංශ ඉල්ලා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් අමෙරිකානු එෆ්. බී .අයි. ආයතනය පැවසුවේ එය ත්‍රස්ත ප්‍රහාරක් බවයි.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved