Connect with us

විදෙස්

අවුන් සාන් සු චී  හට චෝදනා 5කට සමාව

Published

on

මියන්මාරයේ හිටපු නායිකාව වන අවුන් සාන් සු චී ට එරෙහිව එරට හමුදා පාලනය විසින් එල්ල කර ඇති චෝදනා 19න් පහකට සමාව ලබාදී තිබේ.

ඒ අනුව වසර 33ක් වන ඇගේ සිර දඬුවම් කාලය වසර 6කින් අඩු වනු ඇත.

පසුගිය සතියේ සිට සු චී මහත්මියව සිරගෙදර වෙනුවට Nay Pyi Taw අගනුවර නිවාස අඩස්සියේ තැබීමට තීරණය කෙරිණි.

සු චී මහත්මිය සමඟ බලයෙන් පහ කරන ලද හිටපු ජනාධිපති Win Myint ට ද එල්ල වූ චෝදනා දෙකකට සමාව ලැබීමෙන් ඔහුගේ සිර දඬුවම් කාලයද අඩු වී ඇත.

විදෙස්

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි කරයි

Published

on

By

ඊශ්‍රායල විසින් ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර දැඩි කර තිබේ.

ඒ අනුව අද අලු‍යම සිට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායලයේ අඛණ්ඩ මෙහෙයුම් හමුවේ ගාසාහි විශාලම රෝහල්වල කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ප්‍රතිකාර කටයුතු අඩාල වී රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බව ද සඳහන්ය.

Continue Reading

විදෙස්

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූතී කැරළිකරුවන්ගෙන් ප්‍රහාර

Published

on

By

රතු මුහුදේ යාත්‍රා කළ තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූතී කැරළිකරුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

හූති කැරළිකරුවන් රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට මෙම සතිය තුළ එල්ල කළ දෙවන ප්‍රහාරය ⁣මෙය වේ.

ප්‍රහාරයෙන් අනතුරුව නෞකාව මුහුදුබත් වී ඇති අතර ඉන්  කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු  දිවි බේරාගෙන තිබේ.

ඉන් කිහිපදෙනෙකු හූතී කැරළිකරුවන් විසින් පැහරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලයිබීරියානු ධජය සහිත ග්‍රීක එටර්නිටි සී නෞකාවට ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ කාර්ය මණ්ඩලය සාමාජිකයින් 25 දෙනෙකු එහි සිට ඇතැයි සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නෞකාව මුහුදුබත් වීමෙන් කාර්ය මණ්ඩල සාමජිකයින් 15 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවයි.

අදාල නෞකාව ඊශ්‍රායලය බලා යාත්‍රා කිරිම හේතුවෙන් ප්‍රහාර එල්ල කළ බව හුති කැරළිකරුවන් පවසා තිබේ.

Continue Reading

විදෙස්

නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නමත්

Published

on

By

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබේ.

ධවල මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර, නෙතන්යාහු මේ බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මැද පෙරදිග කලාපයේ සාමය සහ ආරක්ෂාව ඇති කිරීම වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දරන උත්සාහය වෙනුවෙන් ඔහුගේ නම මෙලෙස යෝජනා කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved