විදෙස්

ආරක්ෂක අභියෝගවලට මුහුණදෙන්න චීනයෙන් අලුත් සැලැස්මක්

Published

on

ඉදිරි වසර පහ තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආරක්ෂක නිලධාරීන් 5,000ක් පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට චීනය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
ආරක්ෂක අභියෝගවලට මුහුණදීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව පැවසේ.

පසුගිය අඟහරුවාදා බීජිං හි පළකරන ලද ගෝලීය ආරක්ෂක මුලපිරීම පිළිබඳ පත්‍රිකාවක මෙ බව සඳහන් වන බව ‘සවුත් චයිනා මෝනිං පෝස්ට්’ පුවත් සේවය සඳහන් කරයි.

විශ්ව විද්‍යාල මට්ටමෙන් මෙන්ම හමුදා සහ පොලිස් ඇකඩමි අතර හුවමාරු සහ සහයෝගීතාව දිරිමත් කිරීමට චීනය කටයුතු කරනු ඇති බවද එම පත්‍රිකාවේ දැක්වේ.

මෙම මුලපිරීම මුලින්ම ප්‍රකාශයට පත් කරනු ලැබුවේ චීන ජනපති ෂී ජින්පිං මහතා විසිනි. ඒ, පසුගිය අප්‍රේල් මාසයේදී පැවති Boao සමුළුවේදීය.

(මූලාශ්‍රය : සවුත් චයිනා මෝනිං පෝස්ට්)

Trending

Exit mobile version