Connect with us

විදෙස්

ඇන්ටාක්ටිකාවේ පෙන්ග්වින් පැටව් 10,000ක් පමණ මියගිහින්!

Published

on

ඇන්ටාක්ටික් මහද්වීපයේ මුහුදු අයිස් දිය වීමක් හේතුවෙන් එහි සිටි පෙන්ග්වින් පැටවුන් 10,000ක් පමණ මියගොස් ඇති බව විද්‍යාඥයන් පවසයි.

පසුගිය වසර අගදී සිදුවී ඇති මෙම විනාශය චන්ද්‍රිකා මගින් පටිගත කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ එම්පරර් පෙන්ග්වින් විශේෂයට අයත් පැටවුන්ය.

මෙම පැටවුන්ගේ සාගරයේ පිහිනීමට අවශ්‍ය ජලය නොරැඳෙන (water) පිහාටු වර්ධනය කිරීමට ඔවුන්ගේ කොලනිය (රැළ) සිටි ප්‍රදේශයේ මුහුදු අයිස් දියවී කැඩී ගොස් ඇත. ඒ අනුව, මෙම පැටවුන් දියේ ගිලී හෝ සීතලට ගල්වී මියයන්නට ඇතැයි විද්‍යාඥයන් අනුමාන කරයි.

කාබන් විමෝචනය ඉහළ යාමත් සමග ගෝලීය උෂ්ණත්වයද ඉහළ යාම හේතුවෙන් පෘථිවියේ ඇති අයිස් තට්ටු දිගින් දිගටම දියවෙමින් යන අතර,  මේ හේතුවෙන් මෙම ශතවර්ෂය අවසන් වන විට ලොව සිටින එම්පරර් පෙන්ග්වින් කොලනි 90%ක් වඳ වී යනු ඇතැයි විද්‍යාඥයන් පුරෝකථනය කර තිබේ.

විදෙස්

හීත්‍රෝ ගුවන්තොටුපල යළි වැඩ අරඹයි

Published

on

By

ගින්නක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් යළිත් ආරම්භ කර තිබේ.

එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ (21) දවස පුරා මෙහි බහුතර ගුවන්ගමන් අත්හිටුවීමට එහි පරිපාලනය කටයුතු කර තිබුණි.

මේ හේතුවෙන් මගීන් 200,000කට පමණ බලපෑමක් සිදුවූ බව විදෙස් වාර්තා වල දැක්වේ.

එංගලන්තයේ ප්‍රධානම මෙන්ම විශාලම ගුවන්තොටුපොලේ මෙහෙයුම් අද දිනයේදී සම්පූර්ණ යථා ත්ත්වයට පත්වීමට නියමිතයි.

Continue Reading

විදෙස්

පැරණි සොහොනක් නිසා ඉන්දියාවේ ආගමික ගැටුමක්

Published

on

By


17 වන සියවසේ ඉදිකළ සොහොනක් මුල් කර ගනිමින් ඉන්දියාවේ ආගමික ගැටුමක් නිර්මාණය වී තිබේ.

ඒ, බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර් නගරයේය.

ගැටුම් උණුසුම්වීමත් සමග දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීමටයි බලධාරීන් තීරණය කර ඇත.

මෙම ගැටුම්වලට මූලික වී ඇත්තේ වසර 300 කට වැඩි කාලයකට පෙර මිය ගිය මුස්ලිම් මෝගල් පාලකයෙකු වූ ඕරංසෙබ්ගේ සොහොන කඩා දැමීමට ඉල්ලා හින්දු ජාතිකවාදී කණ්ඩායම් විසින් විරෝධතාවයක් ආරම්භ කිරීමය.

ඒ අතරතුර ඊයේ දිනයේ හින්දු සහ මුස්ලිම් කණ්ඩායම් අතර ගැටුම් ආරම්භ වී තිබේ.

ප්‍රචණ්ඩත්වය අතරතුර අවම වශයෙන් පොලිස් නිලධාරීන් 34 දෙනෙකු සහ තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිවාස සහ වාහනවලටද හානි සිදුවී ඇති අතර මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඖරංසෙබ්ගේ සොහොන නාග්පූර් සිට කිලෝමීටර් 500ක් පමණ දුරින් පිහිටි නගරයක පිහිටා ඇත.

මෙම නගරය කලින් හැඳින්වූයේ මෝගල් පාලකයා නමිනි. 17 වන සියවසේ ඔහුගේ පාලන සමයේදී හින්දු භක්තිකයන්ට හිංසා පීඩා කළ බවට චෝදනා කරයි.

Continue Reading

පුවත්

ගුවන් අනතුරක් 12ක් මරුට

Published

on

By

මධ්‍යම අමෙරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

එම අනතුරින්  පස් දෙනෙකු දිවි ගලවා ගෙන ඇති අතර එක් අයෙකු තවමත් අතුරුදන් වී ඇති බව පැවසේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved