විදෙස්

ඇන්ටාක්ටිකාවේ පෙන්ග්වින් පැටව් 10,000ක් පමණ මියගිහින්!

Published

on

ඇන්ටාක්ටික් මහද්වීපයේ මුහුදු අයිස් දිය වීමක් හේතුවෙන් එහි සිටි පෙන්ග්වින් පැටවුන් 10,000ක් පමණ මියගොස් ඇති බව විද්‍යාඥයන් පවසයි.

පසුගිය වසර අගදී සිදුවී ඇති මෙම විනාශය චන්ද්‍රිකා මගින් පටිගත කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ එම්පරර් පෙන්ග්වින් විශේෂයට අයත් පැටවුන්ය.

මෙම පැටවුන්ගේ සාගරයේ පිහිනීමට අවශ්‍ය ජලය නොරැඳෙන (water) පිහාටු වර්ධනය කිරීමට ඔවුන්ගේ කොලනිය (රැළ) සිටි ප්‍රදේශයේ මුහුදු අයිස් දියවී කැඩී ගොස් ඇත. ඒ අනුව, මෙම පැටවුන් දියේ ගිලී හෝ සීතලට ගල්වී මියයන්නට ඇතැයි විද්‍යාඥයන් අනුමාන කරයි.

කාබන් විමෝචනය ඉහළ යාමත් සමග ගෝලීය උෂ්ණත්වයද ඉහළ යාම හේතුවෙන් පෘථිවියේ ඇති අයිස් තට්ටු දිගින් දිගටම දියවෙමින් යන අතර,  මේ හේතුවෙන් මෙම ශතවර්ෂය අවසන් වන විට ලොව සිටින එම්පරර් පෙන්ග්වින් කොලනි 90%ක් වඳ වී යනු ඇතැයි විද්‍යාඥයන් පුරෝකථනය කර තිබේ.

Trending

Exit mobile version