ඇපල් සම නිර්මාතෘ ස්ටීව් වොස්නියැක් මෙක්සිකෝවේ රෝහලකට ඇතුළත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
වොස්නියැක් මහතාව හදිසියේ රෝහල්ගත කිරිමට හේතුව මේ දක්වා නිල වශයෙන් හෙළිදරව් කර නොමැත.
73 හැවිරිදි ඔහු, මෙක්සිකෝ නගරයේ ව්‍යාපාරික සමුළුවක් වන ලෝක ව්‍යාපාරික සංසදයට (WBF) එක්වී ඇති අතර, CNN පුවත් සේවය වාර්තා කරන්නේ වොස්නියැක් මහතා ක්ලාන්ත වී ඇති බවයි.
ඇමෙරිකාවේ ප්‍රවීණතම තාක්ෂණික විශේෂඥයෙකු ලෙස සැලකෙන ස්ටීව් වොස්නියැක් මහතා ස්ටීව් ජොබ්ස් සමග 1976දී ඇපල් සමාගම ස්ථාපිත කළ අතර, පළමු ඇපල් පරිඝණකය නිර්මාණය කිරීමටද දායක විය.