Connect with us

විදෙස්

ඉතාලියේ හිටපු අගමැති, බර්ලුස්කෝනි මියයයි

Published

on

ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය – සිල්වියෝ බර්ලුස්කෝනි මියගොස් ඇතැයි වාර්තා වේ.

මිය යන විට 86 වියේ පසුවූ ඔහු, මිලාන් හි San Raffaele රෝහලේදී අවසන් හුස්ම හෙලූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගිය අප්‍රේල් මාසයේදී ඔහුට පෙනහළු වල ඇතිවූ ආසාදනයකට ප්‍රතිකාර සිදුකෙරුනු අතර, එය පෙර හසු වී නොතිබුණු දරුණු ලියුකේමියා රෝගී තත්ත්වයකට සම්බන්ධ බව පසුව හෙළිවිය.

ප්‍රකෝටිපති මාධ්‍ය අධිපතියෙකු වූ බර්ලුස්කෝනි ප්‍රථම වරට අගමැති ලෙස බලයට පත්වූයේ 1994 දීය. ඔහු 2011 දක්වා ඉතාලියේ ආණ්ඩු හතරක නායකත්වය මෙහෙයවූ අතර, දූෂණ හා ලිංගික අපචාර සම්බන්ධයෙන් ඔහුට අතීතයේදී  චෝදනා එල්ල වී තිබේ.

විදෙස්

ලොස් ඇන්ජලීස් ලැව් ගින්නෙන් මිය ගිය ගණන ඉහළට

Published

on

By

ලොස් ඇන්ජලීස් හි පැතිර යන ලැව්ගින්න හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

බලධාරීන් පවසන්නේ අවම වශයෙන් තවත් 16 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බවය.

මේ අතර ඉරිදා රාත්‍රියේ සිට බදාදා දක්වා වියළි සැන්ටා ඇනා සුළං නැවත ඉහළ යනු ඇති බවත්, එය පැයට සැතපුම් 60 දක්වා වේගයක් ලබා ගන්නා බවත් කැලිෆෝනියාවේ කාලගුණ අනාවැකිකරුවන් අනතුරු අඟවයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ‘පැලිසේඩ්ස්’ සහ ‘ඊටන්’ ගින්න පැතිරීම පාලනය කිරීම යම් ප්‍රගතියක් ලබා ගෙන ඇති බවය.

ඇමරිකානු ගිනි නිවන භටයින්ට මෙන්ම සහයට පැමිණ සිටින කැනඩා සහ මෙක්සිකෝ ගිනි නිවන භටයින් මෙම ගින්න තව දුරටත් පැතිරීම වැලැක්වීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව සඳහන්ය.

මේ අතර ලැව්ගින්නෙන් මියගිය අයගෙන් 16 දෙනෙකු ‘ඊටන්’ ගින්නට හසුව මියගොස් ඇති අතර, අටදෙනෙකු ‘පලිසේඩ්ස්’ ගන්න පැතිරී ගිය කලාපයෙන් හමු වූ බවයි වාර්තා වේ.

ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි තුනක් තවමත් සක්‍රියව පවතින අතර, විශාලතම ගින්න ‘පලිසේඩ්ස්’ බව වාර්තා වේ.

එම ගින්න මේ වනවිට අක්කර 23,000 කට වඩා පැතිරී ගොස් ඇති අතර එට 11% ක් පාලනය කර ඇති බව සඳහන්ය.

‘ඊටන්’ ගින්න දෙවන විශාලතම ගින්න වන අතර, එය අක්කර 14,000 කට වඩා පැතිර ගොස් තිබේ.

ලොස් ඇන්ජලීස් බලධාරීන් සඳහන් කළේ,මෙම ගින්නෙන් 27% ක් පාලනය කර ඇති බවයි. 

‘හර්ස්ට්’ ගින්න අක්කර 799ක් දක්වා මේ වනවිට වර්ධනය වී ඇති අතර, එය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කිරීමට සමත්ව ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වේ.

Continue Reading

විදෙස්

‘හැරී – මේගන්’ යුවළ ලොස් ඇන්ජලිස් යයි

Published

on

By

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් වෙත මේ සතියේ බලපෑ ලැව්ගිනි හේතුවෙන් විපතට පත් වූවන් මුණගැසීමට බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල් කුමරිය පැමිණ තිබේ.

සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය සිකුරාදා පැසඩෙනා සම්මේලන මධ්‍යස්ථානයට ගිය අතර එය ඇල්ටඩෙනා හි ඊටන් ගින්නෙන් විපතට පත් වූවන් රැදවීමේ ස්ථානයක් බවට පත්ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් විසින් 1,200 ක් පමණ ඉවත් වූවන්ට ආහාර බෙදා දී ඇති බවය. 

පැසඩෙනා නගරාධිපති වික්ටර් ගෝර්ඩෝ පැවසුවේ හැරී කුමරු සහ මේගන් බොහෝ දෙනෙකුට උදව් කිරීමට එක්වූ බවය.

මේ අතර හැරී කුමරු සහ මේගන් බ්‍රහස්පතින්දා ඔවුන්ගේ වෙබ් අඩවියේ නිල ප්‍රකාශයක් පළ කරමින් ලැව්ගිනි විනාශකාරී ලෙස හැඳින්වීය. ගින්නෙන් විපතට පත් වූවන්ට සහාය ලබා දෙන සංවිධානවලින් ඉල්ලීමක් ද කර තිබුණි.

Continue Reading

විදෙස්

ට්‍රම්ප් නිදහස්

Published

on

By

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට “කොන්දේසි විරහිතව නිදහස් කිරීමේ” දඬුවමක් නියම කර තිබේ. 

ඔහුට සිරගත කිරීමේ කාලය සහ දඩයක් ඉතිරි කරමින් විනිසුරුවරයා මෙම තීන්දුව නිකුත් කර ඇත.

ට්‍රම්ප් නිව් යෝර්ක් උසාවියේ නඩු විභාගයට පළමවරට පෙනීසිටි අතර ඒ සඳහා ඔහු වීඩියෝ සබැඳියක් උපයෝගී කර ගන්නා ලදී . ඔහුගේ නීතීඥවරයා සමඟ වාඩි වී ගල්ගැසුනු මුහුණකින් පෙනී සිටිමින් ට්‍රම්ප් පවසා ඇත්තේ මෙය විහිළුසහගත නඩු විභාගයක් බවය. විනිසුරු ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනා කරන බවත් නඩු විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින් ට්‍රම්ප් පවසා තිබේ.

නඩු පැවරීම කළ පාර්ශවයද කිසිදු සිර දඬුවමක් , පරිවාසයක් හෝ දඩයක් ඉල්ලා නැත. ඒ අනුව යමින් විනිසුරුවරයාද තීන්දු කර ඇත්තේ එල්ල වූ සියලු චෝදනාවලට ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වූවත්, ඔහුව නිදහස් කරන බවය.

මෙය “භයානක අත්දැකීමක්” වූවත් තමන් “සම්පූර්ණයෙන්ම නිර්දෝෂී” බව ට්‍රම්ප් එහිදී පවසා තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මර්චන් මෙය “අසාමාන්‍ය නඩුවක්” ලෙස හඳුන්වා ඇති නමුත් ඊට විශාල අවධානයක් ලැබුණු බවයි පවසා ඇත .
නමුත් මෙයත් සාමාන්‍ය අධිකරණ ක්‍රියාදාමයන් සහිත වූවක් බව ඔහු අවධාරණය කර ඇති බව සඳහන්ය .

පසුගිය මැයි මාසයේදී, වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ගෙවූ මුදල් පිළිබඳ ව්‍යාජ ලේඛන සකස් කිරීම පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ චෝදනා 34 කට වරදකරු විය. එහි තීන්දුව ඊයේ (10) ප්‍රකාශයට පත් කෙරුණි. ඒ අනුව, අමෙරිකානු ඉතිහාසයේ, අපරාධ චෝදනා 34කට වරදකරු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන 20 වනදා අමෙරිකානු ජනාධිපති ධූරයේ වැඩ භාරගනු ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved