Connect with us

විදෙස්

ඉතාලි පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක්

Published

on

ඉතාලි පාර්ලිමේන්තුවේදී සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසුව එක් විපක්ෂ මන්ත්‍රීවරයකුට රෝද පුටුවක් ආධාරයෙන් පාර්ලිමේන්තුවෙන් පිටවී ගොස් රෝහල් ගතවීමට සිදුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාවක් සම්බන්ධ විවාදයක් උණුසුම් වීමත් සමඟ මෙම ගුටිබැට හුවමාරුව ආරම්භ වී තිබේ.

ඉතාලියේ පළාත් සඳහා වැඩි බලතල ලබාදීමට ගෙන ආ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති එම විවාදය උණුසුම් වීමත් සමඟ ෆයිව් ස්ටාර් මුව්මන්ට් පක්ෂයේ ලියනාඩෝ ඩොනෝ දක්ෂිණාංශික ලීග් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය රොබර්ටෝ කැල්ඩෙරෝලි වෙත ගොස් ඔහුගේ මුහුණට ඉතාලි කොඩිය එල්ල කිරීමත් සමඟ මෙම ගුටිබැට හුවමාරුව ආරම්භ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කලේය.

ඉතාලි මාධ්‍ය සඳහන් කළේ, දෙදෙනා අතර ගැටුම සමථයකට පත් කිරීමට පාර්ලිමේන්තු නිලධාරීන් දෙදෙනකු උත්සාහ දරා ඇතත් ඔවුන් අපොහොසත් වී ඇති බවය.

අනතුරුව එම ගැටුමට තවත් පක්ෂ කීපයකට අයත් පාර්ලිම්න්තු මන්ත්‍රීවරුන් පිරිසක් එකතු වී ඇතැයි එරට මාධ්‍ය ප්‍රකාශ කරන ලදී.

ගැටුමෙන් දරුණු ලෙස පහර කෑ ලියනාඩෝ ඩොනෝට අවසානයේ රෝහල්ගත වීමටද සිදුවූ බව ඉතාලි මාධ්‍ය පෙන්වා දී ඇත.

එරට මාධ්‍ය සඳහන් කළේ, ජී 7 සමුළුවේ වාර්ෂික රැස්වීම ඉතාලියේ පුග්ලියාහිදී පැවැත්වෙන අතරතුර මෙම ගුටිබැට හුවමාරුව සිදුව ඇති බවත් එහි වීඩියෝවක් විශාල වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බවය.

විදෙස්

ඉන්දියාවේ තවත් ගුවන් අනතුරක්

Published

on

By

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කඳුකර ගෞරිකුන්ද් ප්‍රදේශයේදී කඩාවැටීම හේතුවෙන් නියමුවා ඇතුළු පුද්ගලයන් 07දෙනෙක් මියගොස් තිබේ.

මෙම හෙලිකොප්ටරය ආර්යන් ඒවියේෂන් නම් සමාගමකට අයත් එකක් බව වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ යළි දැනුම්දෙන තෙක් ප්‍රදේශයේ හෙලිකොප්ටර් සේවා නැවැත්වීමට උත්තරාකන්ඩ් බලධාරීන් තීරණය කර ඇති බවයි.

Continue Reading

විදෙස්

ඊශ්‍රායල – ඉරාන ගැටුම් හමුවේ ජෝර්දාන – ඉරාක ගුවන් සීමා වැසේ

Published

on

By

ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානයද දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

මේ හේතුවෙන් ජෙරුසලමේ පිපිරීමක් කිහිපයක් සිදුව ඇති බවත්, ඊශ්‍රායල අගනුවර වන ටෙල් අවිව්හි අහස උසට කළු දුමාරයක් නැඟී ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන් විසින් ඊයේ (13) ඉරාන අගනුවර වන ටෙහරාන හා නටාන්ස් න්‍යෂ්ටික භූමිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන හමුදා ප්‍රධානීන් තිදෙනෙකු, විද්‍යාඥයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 300කට අධික පිරිසක් තුවාල ලැබීය.

මේ අතර, ඊශ්‍රායල – ඉරාන ගැටුම් හමුවේ සිය ගුවන් සීමා වසා දැමීමට ජෝර්දානය හා ඉරාකය තීරණය කර තිබේ.

ප්‍රංශ පුවත් සේවය වෙත අදහස් දක්වමින් ජෝර්දාන රාජධානි රජයේ ප්‍රකාශක – මොහොමඩ් මොමානී පවසා තිබුණේ කිසිඳු ගැටුමකදී ජෝර්දානය යුදභූමියක් නොවන බවත්, සිය ගුවන් අවකාශය අවභාවිතා කිරීමට ඉඩ ලබා නොදෙන බවත්ය.

ඉරාක පුවත් ඒජන්සියද වාර්තා කර තිබුණේ සිය ගුවන් අවකාශය වසා දමා එරට සියලු ගුවන්තොටුපලවල් වල ගුවන්ගමන් කටයුතු නවැත්වීමට ඉරාකයේ ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇති බවයි.

Continue Reading

විදෙස්

අනතුරින් දිවි අහිමිවූවන්ගේ පවුල් සඳහා ටාටා වෙතින් වන්දි

Published

on

By

ඉන්දියාවේ අහමදාබාද්හි සිදුවූ බිහිසුණු ගුවන් අනතුරෙන් දිවි අහිමිවූවන්ගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් කෝටියක වන්දියක් ලබාදීමට තීරණය කළ බව ගුවන් සේවයේ හිමිකාරීත්වය දරණ ටාටා සමූහය පවසයි.

ගුවන් අනතුර සම්බන්ධයෙන් X සටහනක් තබමින් එහි සභාපති එන්.චන්ද්‍රසේකරන් මහතා මේ බව සඳහන් කර ඇත.

ඊයේ (12) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලුදෙනා ජීවිතක්ෂයට පත්වුණි.

එයාර් ඉන්දියා ගුවන් සේවාවට අයත් බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන්යානයක් ඊයේ අහමදාබාද් ගුවන්තොටුපොලේ සිට ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබුණේ පුද්ගලයන් 242 දෙනකු සමඟිනි.

යානය බ්‍රිතාන්‍යයේ වේලාවෙන් පස්වරු 6.25ට එරට ලන්ඩන් නුවර ගැට්වික් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට නියමිතව තිබුණි.

කාර්යමණ්ඩලයේ 12 දෙනාට අමතරව එහි මගීන් 230 දෙනකු සිටි අතර බිලිඳුන් දෙදෙනකුද ඒ අතර විය.

ගුජරාට් හි සර්දාර් වල්ලාබ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කර මිනිත්තුවකට වැඩි කාලයක් සිය ගමන යාමට එම යානයට හැකි වූයේ නැත.

පොළොව මට්ටමින් අඩි 625ක් ඉහළ අහසේදී අනපේක්ෂිත අයුරින් එහි ගමන නිමා කරගනිමින් යානය කඩාවැටුණි.

යානය කඩාවැටී තිබුණේ අහ්මදාබාද් ආසන්න මෙඝානි නගර් හි පිහිටි BJ වෛද්‍ය විද්‍යාලීය සිසු නේවාසිකාගාරයක් මතටය.

ආරම්භයේ සිටම යානය ඉහළට ගමන් කිරීමේ අසීරුතාවක් පෙන්නුම් කර තිබූ බවත් එහි නියමුවන් උදව් ඉල්ලීමේ සංඥාවක් ද නිකුත් කර තිබූ බව මේ වනවිට අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

මේ අතර කඩා වැටුන යානයේ දත්ත ඇතුළත් කළු පෙට්ටි දෙකෙන් එකක් මේ වනවිට සොයා ගැනීමට හැකිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ඔස්සේ යානය අනතුරට ලක්වීමට හේතුව පිළිබඳ යම් අනාවරණයක් සිදුකරගැනිමට හැකියාව ලැබෙතැයි අපේක්ෂා කෙරේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද උදෑසන මෙම ඛේදවාචකය සිදුවූ ස්ථානයේ නිරීක්ෂණයක යෙදී ඇති අතර ඒ බව සිය X ගිණුමේ සටහනක් තබා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved