Connect with us

විදෙස්

ඉන්දීය දුම්රියක සිදුවූ වෙඩිතැබීමෙන් 4ක් මරුට

Published

on

ඉන්දියාවේ දුම්රියක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ දුම්රිය ආරක්ෂක බළකායේ ජ්‍යෙෂ්ට නිලධාරියෙකු හා මගීන් තිදෙනෙකි.

මේ සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත්තේ චේතන් කුමාර් නම් දුම්රිය ආරක්ෂක බළකායේ කොස්තාපල්වරයෙකි.

ඔහු විසින් මෙම ඝාතන සිදුකිරීමට හේතුව මෙතෙක් හෙළිවී නොමැති බවත්, ඝාතනයට ලක්වූ අනෙක් මගීන් තිදෙනා හඳුනාගැනීමට අවශ්‍ය පියවර ආරම්භ කර ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම සිද්ධිය වාර්තා වෙන්නේ, මෙම දුම්රිය, මුම්බායි නගරයට කි.මී.96ක් ඈතින් පිහිටි පල්ඝාර් නම් නගරය පසුකර යමින් සිටියදීය.

විදෙස්

ට්‍රම්ප්ගෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක

Published

on

By

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පැනවීමේ විධායක නියෝගයකට අත්සන් තබා තිබේ.

ඒ අමෙරිකාව සහ සමීප රාජ්‍යයක් වන ඊශ්‍රායලය ඉලක්ක කරගත් නීති විරෝධී සහ පදනම් විරහිත ක්‍රියාමාර්ග” සම්බන්ධයෙන් චෝදනා කරමින්ය.

මෙම පියවර මගින් ඇමරිකානු පුරවැසියන් හෝ අමෙරිකාවේ සමීප රාජ්‍යයන් පිළිබඳ ජාත්‍යන්තර අපරාධ අධිකරණ පරීක්ෂණ සඳහා සහාය වන පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් සඳහා මූල්‍ය සහ වීසා සීමා පනවා තිබේ.

ට්‍රම්ප් මෙම පියවරට අත්සන් කළේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වොෂින්ටනයේ චාරිකාවක යෙදී සිටියදී වීම විශේෂත්වයකි.

පසුගිය නොවැම්බර් මාසයේදී, ගාසා තීරයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ අතර එය ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමාස් අණදෙන නිලධාරියෙකුට වරෙන්තුවක් ද නිකුත් කළා. ට්‍රම්ප්ගේ විධායක නියෝගයේ සඳහන් වූයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ මෑත ක්‍රියාමාර්ග භයානක පූර්වාදර්ශයක් සපයන බවත්, එය ඇමරිකානුවන් අනතුරේ හෙළන බවත්ය.

මෙම ද්වේෂසහගත හැසිරීම එක්සත් ජනපදයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමට තර්ජනය කරන අතර එක්සත් ජනපද රජයේ සහ ඊශ්‍රායලය ඇතුළු අපගේ සමීප රටවල තීරණාත්මක ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති කටයුතු අඩපණ කරන බව ජනාධිපති ට්‍රම්ප් නිකුත් කල නියෝගයේ සඳහන් වේ.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්

Published

on

By

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාන්තා ක්‍රීඩා සඳහා සහභාගී වීම තහනම් කරමින් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබේ.

අත්සන් කිරීමේ උත්සවයේදී ජනපතිවරයා පැවසුවේ, මින් ඉදිරියට කාන්තා ක්‍රීඩාව කාන්තාවන්ට පමණක් වනු ඇති බවයි.

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කාන්තා කණ්ඩායම් සඳහා තරග කිරීමට ඉඩ සලසන පාසල්වලට අරමුදල් සැපයීම ප්‍රතික්ෂේප කිරීමට ද රජයේ ආයතන සඳහා මෙම නියෝගය මගින් බලය ලබා දෙනු ඇති.

ඔහු බලයට පත්වීමෙන් පසු සංක්‍රාන්ති ලිංගිකයන් ඉලක්ක කර ගනිමින් ගත් නවතම පියවර එයයි.

සංක්‍රාන්ති ලිංගික පිරිස අමෙරිකානු ජනගහනයෙන් සුළුතරයක් වන අතර එය ද නොතකා මෙම පියවර ගෙන ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් ය.

Continue Reading

පුවත්

ස්වීඩනයේ වෙඩි තැබීමක් 11ක් මරුට

Published

on

By

ස්වීඩනයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් පිහිටි ඔරෙබ්‍රෝ රිස්බර්ග්ස්කාහි උසස් අධ්‍යාපන ආයතනයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ බොහෝ පිරිසක් රෝහල් ගත කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද එම වාර්තාවල සඳහන්ව ඇත.

එරට අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටර්සන් පවසා ඇත්තේ ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩි තැබීම මෙය ලෙස හැඳින් වියහැකි බවය.

මියගිය පිරිස අතර වෙඩික්කරුද සිටින බව සඳහන්ය.

අදාළ සැකකරු මෙම වෙඩි තැබීම සඳහා කුමන වර්ගයේ ගිනිඅවියක් භාවිත කළේද යන්න සහ වෙඩි තැබීම සිදුකළ ආකාර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා පැවසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved