Connect with us

විදෙස්

ඉන්ධන අර්බුදය නිසා කියුබාවේ මැයි දින සැමරුම් අවලංගුයි

Published

on

සෑම වසරකම පවත්වනු ලබන සාම්ප්‍රදායික මැයි දින පෙළපාලිය මෙවර අවලංගු කිරීමට කියුබාවේ කොම්යුනිස්ට් රජය කටයුතු කරන ඇත.

කියුබාවේ පවතින ඉන්ධන අර්බුදය මීට හේතුවයි.

කියබානු විප්ලවයෙන් අනතුරුව වසර 60කට වඩා වැඩි කාලයක් පුරාවටම මැයි දිනය සැමරීම සඳහා එරට නන් දෙසින් දහස් සංඛ්‍යාත කියුබානු ජාතිකයන් හවානා අගනුවර විප්ලව චතුරශ්‍රයට එකතු වේ.

ආර්ථික හේතූන් මත මැයි දින සැමරුම් අවලංගු කිරීමට එරට රජය පියවර ගෙන ඇත්තේ 1959 වසරේ සිදුවූ කියුබානු විප්ලවයෙන් පසුව පළමු වරටයි.

පසුගිය සති කිහිපය පුරාවටම කියුබාවේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දීර්ඝ පෝලිම් දක්නට ලැබුණු අතර ඉන්ධන ලබා ගැනීම සඳහා රියදුරන් දින ගණන් පෝලිම්වල රැඳී සිටියි.

විදෙස්

පැරණි සොහොනක් නිසා ඉන්දියාවේ ආගමික ගැටුමක්

Published

on

By


17 වන සියවසේ ඉදිකළ සොහොනක් මුල් කර ගනිමින් ඉන්දියාවේ ආගමික ගැටුමක් නිර්මාණය වී තිබේ.

ඒ, බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර් නගරයේය.

ගැටුම් උණුසුම්වීමත් සමග දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීමටයි බලධාරීන් තීරණය කර ඇත.

මෙම ගැටුම්වලට මූලික වී ඇත්තේ වසර 300 කට වැඩි කාලයකට පෙර මිය ගිය මුස්ලිම් මෝගල් පාලකයෙකු වූ ඕරංසෙබ්ගේ සොහොන කඩා දැමීමට ඉල්ලා හින්දු ජාතිකවාදී කණ්ඩායම් විසින් විරෝධතාවයක් ආරම්භ කිරීමය.

ඒ අතරතුර ඊයේ දිනයේ හින්දු සහ මුස්ලිම් කණ්ඩායම් අතර ගැටුම් ආරම්භ වී තිබේ.

ප්‍රචණ්ඩත්වය අතරතුර අවම වශයෙන් පොලිස් නිලධාරීන් 34 දෙනෙකු සහ තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිවාස සහ වාහනවලටද හානි සිදුවී ඇති අතර මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඖරංසෙබ්ගේ සොහොන නාග්පූර් සිට කිලෝමීටර් 500ක් පමණ දුරින් පිහිටි නගරයක පිහිටා ඇත.

මෙම නගරය කලින් හැඳින්වූයේ මෝගල් පාලකයා නමිනි. 17 වන සියවසේ ඔහුගේ පාලන සමයේදී හින්දු භක්තිකයන්ට හිංසා පීඩා කළ බවට චෝදනා කරයි.

Continue Reading

පුවත්

ගුවන් අනතුරක් 12ක් මරුට

Published

on

By

මධ්‍යම අමෙරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

එම අනතුරින්  පස් දෙනෙකු දිවි ගලවා ගෙන ඇති අතර එක් අයෙකු තවමත් අතුරුදන් වී ඇති බව පැවසේ.

Continue Reading

පුවත්

මාස 9ක් අභ්‍යාවකාශයේ සිරවී සිටි ගගනගාමීන් දෙදෙනා පෘථිවියට

Published

on

By

මාස 9ක් අභ්‍යවකාශයේ සිරවී සිටි සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් ගගනගාමීන් රැගත් කැප්සියුලය අද (19) අලුයම යළි පෘථිවියට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පැය 17ක පමණ අභ්‍යවකාශ ගමනකින් පසුව ඔවුන් මෙසේ පෘථිවියට ළඟාවී ඇත.

ඔවුන් රැගත් ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය ආසන්න මුහුදට සාර්ථක ගොඩබැස්වූ බව ද පැවසේ.

පසුගිය වසරේ ජූනි මාසයේදී ගගනගාමීන් දෙදෙනා දින අටක මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශයට ගිය අතර යානයේ ඇති වූ දෝෂයක් හේතුවෙන්, දින 286ක් ඔවුන්ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැදී සිටීමට සිදු විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved