සෑම වසරකම පවත්වනු ලබන සාම්ප්‍රදායික මැයි දින පෙළපාලිය මෙවර අවලංගු කිරීමට කියුබාවේ කොම්යුනිස්ට් රජය කටයුතු කරන ඇත.
කියුබාවේ පවතින ඉන්ධන අර්බුදය මීට හේතුවයි.
කියබානු විප්ලවයෙන් අනතුරුව වසර 60කට වඩා වැඩි කාලයක් පුරාවටම මැයි දිනය සැමරීම සඳහා එරට නන් දෙසින් දහස් සංඛ්‍යාත කියුබානු ජාතිකයන් හවානා අගනුවර විප්ලව චතුරශ්‍රයට එකතු වේ.
ආර්ථික හේතූන් මත මැයි දින සැමරුම් අවලංගු කිරීමට එරට රජය පියවර ගෙන ඇත්තේ 1959 වසරේ සිදුවූ කියුබානු විප්ලවයෙන් පසුව පළමු වරටයි.
පසුගිය සති කිහිපය පුරාවටම කියුබාවේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දීර්ඝ පෝලිම් දක්නට ලැබුණු අතර ඉන්ධන ලබා ගැනීම සඳහා රියදුරන් දින ගණන් පෝලිම්වල රැඳී සිටියි.