විදෙස්

ඉරාන ජනපතිගේ අවමංගල උත්සවය ආරම්භ වේ

Published

on

අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ තෙදින අවමංගල්‍ය උත්සවය අද (21) ටබ්‍රිස් නගරයේදී එරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ විය.

ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ අවමංගල්‍ය උත්සවය අදියර කීපයකින් පැවැත්වීමට නියමිත බවය.

ජනාධිපති රයිසිගේ මෘත දේහය ආගමික නගරයක් වන කොම් වෙත රැගෙන ගිය අතර එරට වේලාවෙන් පස්වරු 4.30ට එම නගරයේදී සිදු කෙරෙන ආගමික චාරිත්‍ර ආරම්භ කෙරිණි.අනතුරුව ජනාධිපති රයිසිගේ මෘත දේහය සහ අනතුරින් මියගිය අනෙක් පුද්ගලයන්ගේ මෘත දේහ ගුවනින් ඉරාන අගනුවර වන ටෙහෙරාන් නගරය වෙත රැගෙන යාමට නියමිතය.

ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි අවමංගල්‍ය උත්සවයේ යාඥා මෙහෙයවනු ලබයි.

එළඹෙන බ්‍රහස්පතින්දා දින උදෑසන රයිසිගේ දේහය දකුණු කොරසාන් පළාතේ අගනගරය වන බ්‍රිජාන්ද් වෙත රැගෙන යාමට නියමිත අතර එදිනම සවස් කාලයේදී දේහයන් පිළිබඳ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී පැවැත්වීමට නියමිතය .

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා ඉරාන වැසියන් විශාල පිරිසක් එකතු වී සිටිති.

Trending

Exit mobile version