Connect with us

විදෙස්

උ.කොරියාව තවත් දිය යට න්‍යෂ්ටික ප්‍රහාරක ඩ්‍රෝන යානයක් අත්හදා බලයි

Published

on

උතුරු කොරියාව විසින් තවත් න්‍යෂ්ටික බලයෙන් යුත් මිනිසුන් රහිත දිය යට ප්‍රහාරක අවියක් අත්හදා බලා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම අත්හදාබැලීම අප්‍රේල් 4 සිට අප්‍රේල් 7 දක්වා සිදුකර ඇත.

Haeil-2 (හෙයිල් ටූ) ලෙසින් නම් කර ඇති මෙම සතුරු මුහුදු ප්‍රදේශ වල සිට සතුරු නෞකා සහ සබ්මැරීනවලට පහරදීමේ හැකියාවක් පවතින අතර, මෙම අත්හදාබැලීම සිදුවූයේ Haeil-1 (හෙයිල් වන්) නමින් හැඳින්වෙන නව දිය යට ඩ්‍රෝන පද්ධතියක් පිළිබඳව උතුරු කොරියාව හෙළිදරව් කර සතියකට පසුවයි.

කොරියන් බසින් Haeil හි අරුත වනුයේ සුනාමි යන්නයි.  

Haeil-2 ඩ්‍රෝනය දියයින් කි.මී. 1,000ක් ගමන් කර ඇතැයිද, උතුරු කොරියාවේ KCNA රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

විදෙස්

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 14 ක සිර  දඬුවමක්

Published

on

By

පාකිස්තාන අධිකරණයක් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 14 ක සිර දඬුවමක් නියම කර තිබේ.

ඒ ඉඩම් දූෂණ නඩුවක් සම්බන්ධයෙනි.

මෙයඉම්රාන් ඛාන් මුහුණ දුන් මූල්‍යමය වැරදි සම්බන්ධයෙන් විශාලතම නඩුව බව සඳහන්ය.

2023 අගෝස්තු මාසයේ සිට ඛාන් සිරගත කර ඇති රාවල්පින්ඩි හි දූෂණ විරෝධී අධිකරණයක් විසින් මෙම තින්දුව ලබා දෙන ලදී.

72 හැවිරිදි, හිටපු ක්‍රිකට් තරුවක් වූ ඉම්‍රාන්, 2018 සිට 2022 දක්වා ඔහුගේ අගමැති ධූර කාලය තුළ නීති විරෝධී අනුග්‍රහයන් සඳහා දේපළ වෙළඳාම් කරන්නෙකු විසින් ඔහුට සහ ඔහුගේ බිරිඳට ඉඩම් තෑගි කළ බවට මෙහිදී චෝදනා එල්ල වී තිබුණි.

නඩුව කැඳවූ අවස්ථාවේදී ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී වරදකරුවන් නොවන බව පවසා තිබුණි.

වෙනත් නඩුවකට අදාලව ඇප මත නිදහස්ව සිටි බුෂ්රා බිබී, නඩුවේදී ද වරදකරු වූ පසු අත්අඩංගුවට ගත් බව සඳහන්ය.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීම තුන් වතාවක් ප්‍රමාද වූයේ, මෑතකදී රජය සහ ඛාන්ගේ පක්ෂය අතර සාකච්ඡා මධ්‍යයේයි.

කෙසේ වෙතත්, මෙම තීන්දුව ඛාන් සහ ඔහුගේ පක්ෂයට ලැබුණු විශාලතම පසුබෑම බව විචාරකයන් පවසයි.

2022 අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු විශ්වාසය පිළිබඳ ඡන්දයකින් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු, ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට සිරගත කර සිටියි.

Continue Reading

විදෙස්

දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට

Published

on

By

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, විමර්ශන නිලධාරීන් මෙම මස මුලදී ඔහු අත්අඩංගුවට ගැනීමට ගත් පළමු උත්සහයද අසාර්ථක වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

දකුණු කොරියානු ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන නඩුව ඊයේ (14) කැඳවූ අවස්ථාවේදී අධිකරණය මඟින් ඔහුගේ වරෙන්තුව දීර්ඝ කිරීම පියවර ගෙන තිබුණි.

දෙසැම්බර් මාසයේදී යුද නීතිය පැනවීම, රට තුළ කැරැල්ලක් ඇතිකිරීමට උත්සාහ කිරීම යන චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබේ.

දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට ජනතාව රැස්වී ඔහු අත්අඩංගුවට ගැනීමට සිදුකළ බාධා නොතකමින් මෙම අත්අඩංගුවට ගැනිමට සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Continue Reading

විදෙස්

වසර 160,000කට පසු දිස්වන “ඇට්ලස්”

Published

on

By

ඉදිරි දින කිහිපය තුළ වසර 160,000කට පසු පළමු වරට ලොව පුරා අහසේ දීප්තිමත් වල්ගා තරුවක් දැකගත හැකි බව තාරකා විද්‍යාඥයින් පවසයි.

බීබීසී පුවත් සේවය වාර්තා කළේ 2025 මෙම මාසයෙන් පසුව තවත් කෙතරම් කාලයකින් අනතුරුව මෙවැනි වල්ගා තරුවක දිස්වීමක් ගැන පුරෝකථනය කිරීම අසීරු බවට නාසා ආයතනය ප්‍රකාශ කර ඇති බවය.

මෙම වල්ගා තරුව C/2024 G3 (ඇට්ලස්) නමින් නම්කර තිබේ.

මෙය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට පහසු තරම් දීප්තිමත්ව රාත්‍රී අහසේ දිස්වන බව වාර්තා වේ.

මෙම වල්ගා තරුව ඊයේ (13) දින රාත්‍රියේ දී සූර්යයාට සමීපතම ස්ථානය වන පරිහේලියන් හි ස්ථානගත විය.

එය ලොව පුරා වැසියන්ට නිරීක්ෂණය වන බව විද්‍යාඥයින් සඳහන් කරයි.

මෙම වල්ගා තරුව සිකුරු ග්‍රහලෝකය මෙන් දැඩි දීප්තියකින් යුක්ත වේ.

එය දකුණු අර්ධ ගෝල වැසියන්ට වඩාත් හොඳින් නිරීක්ෂණය වන බව සඳහන්ය.

ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ තාරකා අංශු භෞතික විද්‍යාව සහ විශ්වවිද්‍යාව පිළිබඳ පර්යේෂක ආචාර්ය ශ්‍යාම් බාලාජි පැවසුවේ “වත්මන් කක්ෂීය ගණනය කිරීම්වලට අනුව එය සූර්යයාගේ සිට සැතපුම් මිලියන 8.3ක් පමණ ගමන් කරන බවත්, එය “හිරු- ස්කිර්ටිං” වල්ගා තරුවක් ලෙස වර්ගීකරණය කරන බවය.

උතුරු අර්ධගෝලයේ රාජ්‍යයන් වන එක්සත් රාජධානිය ඇතුළු රටවල්වලට මෙය සමීපව නිරීක්ෂණයට ද හැකි වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved