Connect with us

විදෙස්

එ.ජා. සංවිධානයේ ඇෆ්ගන් කතුන්ටත් තහංචි

Published

on

ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට එරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කිරීමට තවදුරටත් අවසර නොමැති බව තලේබාන් සංවිධානය විසින් දැනුම් දීමෙන් අනතුරුව එම කාර්යමණ්ඩලයේ සිටින ඇෆ්ගන් ජාතික පිරිමි සේවකයන්ද සිය වැඩකටයුතු නවතා දමා ඇතැයි වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය විශේෂ නියෝජිත, නේවාසික සහ මානුෂීය සම්බන්ධීකාරක රමිස් ඇලක්බරොව් මහතා පවසා ඇත්තේ තලෙයිබාන් රජයේ මෙම තීන්දුව අතිශය ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වන බවයි.

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවත්, කාන්තා කාර්යමණ්ඩලයක් රහිතව ඔවුන්ට ළඟා විය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ඉහත තීරණය විදෙස් ජාතික කාන්තාවන් හට බලනොපාන අතර, ඇෆ්ගනිස්ථානයේ සිටින ජාත්‍යන්තර කාර්ය මණ්ඩලය තවදුරටත් සේවයේ නිරතවේ.

මේ අතර, නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාද පවසා ඇත්තේ මෙම නියෝගය වෙනස් කොට සැලකීමක් සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීමක් බවයි.

එබැවන් මෙම නියෝගය වහාම අවලංගු කරන ලෙස ඔහු ඇෆ්ගන් පාලකයන්ගෙන් ඉල්ලා සිටියි.

දිවි ගලවා ගැනීමට සහය දීම ඇතුළුව එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකයින් අත්‍යවශ්‍ය වන බවද ගුටරෙස් මහතා පෙන්වා දෙයි.

සහය අවශ්‍ය ඇෆ්ගන් ජාතිකයන් මිලියන ගණනක් සිටින බවත්, මෙම තීරණය බලාත්මක කිරීමෙන් ඔවුන්ට දැඩි හානියක් සිදුවන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

වසර 2021 දී බලය අල්ලා ගැනීමෙන් පසු තලේබාන් සංවිධානය විසින් දිනෙන් දින කාන්තා නිදහස සීමා කර ඇති අතර, මේ සම්බන්ධයෙන්ද ඔවුන් තවමත් ප්‍රතිචාරයක් දක්වා නැත.

දරුණු ආර්ථික හා මානුෂීය අර්බුදයක ගිලී සිටින ඇෆ්ගනිස්ථානයේ මිලියන 23 ක ජනතාවකට මානුෂීය ආධාර ගෙන ඒමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරමින් සිටියි. මෙම බිම් මට්ටමේ ආධාර මෙහෙයුම් වලදී විශේෂ අවශ්‍යතා ඇති අනෙකුත් කාන්තාවන් හඳුනාගැනීම ඇතුළු කාරණා රාශියකදී  කාන්තා කාර්යමණ්ඩලය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.

(මූලාශ්‍ර : බීබීසී හා සී එන් එන්)

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යළි අවසර

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් ඊයේ (29) අවසර හිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව මෙම හදිසි බලතල නීතිය යටතේ තීරුබදු එකතුකිරීම තවදුරටත් සිදුකරගෙන යාමට ට්‍රම්ප් පරිපාලනයට අවසර හිමිවිය.

මෙම බදු ප්‍රතිත්තිය අත්හිටුවීමේ නියෝගයක් අමෙරිකානු වාණිජ අධිකරණයක් විසින් ඊයේ (29) නිකුත්කර තිබුණි.

මෙම නියෝගය ලබාදෙමින් වාණිජ අධිකරණය සඳහන් කළේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමග වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවයි.

ඒ හේතුවෙන් එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවය.

ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් වැඩිදුරටත් තීන්දුකර තිබුණි.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් එම නියෝගය ඉදිරිපත්කර විනාඩි කිහිපයක් ඇතුළත එරට ෆෙඩරල් අභියාචනාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගේ බදු පැනවීම අධිකරණයෙන් අත්හිටුවයි

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ.

ඊයේ (28) දිනයේ ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව සඳහන් වේ.

මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවත්, එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවත්ය.

ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් වැඩිදුරටත් තීන්දු කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved