අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් තම උප ජනාධිපති ලෙස තරග කරන පුද්ගලයා (Running Mate) ලෙස ටිම් වොල්ස් තෝරාගෙන ඇත.
මේ පිළිබඳ නිල වශයෙන් අද රාත්‍රියේදී නිවේදනය කෙරෙනු ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.
කලින් ගුරුවරයෙකු වූ වෝල්ස්, මේ වන විට මිනසෝටා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරයි.
කෙසේවෙතත්, වොල්ස් යනු ‘භයානක ලිබරල් අන්තවාදීයෙකු’ බවයි ට්‍රම්ප් ගේ මාධ්‍ය මෙහෙයුම පවසන්නේ.