Connect with us

විදෙස්

කැනඩාවේ නව අගමැති මාර්ක් කාර්නි

Published

on

කැනඩාවේ අගමැති සහ ලිබරල් පක්ෂ නායකයා ලෙස ජස්ටින් ටෲඩෝගෙන් අනතුරුව අනුප්‍රාප්තිකයා වශයෙන් 85.9%ක වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මාර්ක් කාර්නි තේරී පත්ව ඇති බව වාර්තා වේ.

මාර්ක් ජෝසප් කාර්නි ඕසී 1965 මාර්තු 16වන දින උපත ලද කැනේඩියානු ආර්ථික විද්‍යාඥයෙකු සහ දේශපාලනඥයෙකු වේ. ඔහු 1988 දී හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත් අතර, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට ගිය අතර, එහිදී ඔහු 1993 දී ශාස්ත්‍රපති උපාධියක් සහ 1995 දී ආචාර්ය උපාධියක් ලබා ගෙන ඇත.

2008 වසරේ සිට 2013 දක්වා කැනඩා මහා බැංකුවේ අධිපතිවරයා ලෙසත් 2013 සිට 2020 දක්වා එංගලන්ත බැංකුවේ 120 වන අධිපතිවරයා වශයෙන්ද සේවය කර ඇත. ඉන් අනතුරුව COVID-19 වසංගතය අතරතුර කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝගේ උපදේශකයෙකු ලෙස ද කාර්නි කටයුතු කළ අතර ලිබරල් පක්ෂයේ ආර්ථික වර්ධන කාර්ය සාධක බලකායේ සභාපති ධුරයට පත් කරන ලදී.

උතුරු ඇමරිකාවේ සහ එක්සත් රාජධානියේ මූල්‍ය අර්බුදවලට ප්‍රතිචාර දැක්වීම අධීක්ෂණය කළ හිටපු මහ බැංකුකරු මාර්ක් කාර්නි ලෙස ජස්ටින් ටෲඩෝ ගේ ඉල්ලා අස් වීමෙන් අනතුරුව ධුරයේ දිවුරුම් දෙනු ඇත.

පසුගිය සතියේ ඩොනල්ඩ් ට්‍රම්ප් සියලුම කැනේඩියානු භාණ්ඩ සඳහා 25% ක බද්දක් ප්‍රකාශයට පත් කළ අතර, කැනඩාව ඇමරිකාවේ 51ක් වන ප්‍රාන්තය බවත් ටෲඩෝ එහි ආණ්ඩුකාරවරයා වශයෙන් ප්‍රකශ කිරීමත් සම්බන්ධයෙන් කර්නි සඳහන් කර තිබුණේ, කැනඩාවේ බිඳෙනසුලු ආර්ථිකය අවපාතයකට තල්ලු කිරීමට තීරුබදුවලට බලය ඇති අතර එම තීරුබදු වෙනුවෙන් තමා පෙනී සිටින බවත්, ඇමරිකාව කැනඩාව නොවන බවත්, කැනඩාව කිසි විටෙකත් කිසිදු ආකාරයකින්, හැඩයකින් හෝ ඇමරිකාවේ කොටසක් නොවනු ඇති බවත්ය.

විදෙස්

නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නමත්

Published

on

By

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබේ.

ධවල මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර, නෙතන්යාහු මේ බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මැද පෙරදිග කලාපයේ සාමය සහ ආරක්ෂාව ඇති කිරීම වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දරන උත්සාහය වෙනුවෙන් ඔහුගේ නම මෙලෙස යෝජනා කර තිබේ.

Continue Reading

විදෙස්

ජපානය, දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට අමෙරිකාවෙන් බදු

Published

on

By

ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25ක තීරු බද්දක් පැනවීමට නියමිතව තිබේ.

ඊට අමතරව මියන්මාරය, ලාඕසය, තායිලන්තය, කාම්බෝජය, සර්බියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව,  මැලේසියාව, ටියුනීෂීයාව යන රටවල් සඳහා ද ඊයේ (07) දිනයේ තීරු බදු පැනවීම සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ අතර ට්‍රම්ප් පරිපාලනය විසින් ඉදිරි පැය 48 ඇතුළත ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතුවලට අදාළ වැදගත් නිවේදන කිහිපයක් සිදුකිරීමට නියමිත බව අමෙරිකානු භාණ්ඩාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් අදාළ නිවේදනවල අඩංගු වන්නේ මොනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දී නොමැති බව සඳහන්ය.

මේ අතර අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේය.

Continue Reading

විදෙස්

ධුරයෙන් නෙරපූ ප්‍රවාහන ඇමති සිය දිවි නසා ගනියි

Published

on

By

රුසියානු හිටපු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් සිය දිවි නසාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඊයේ (07) දින ස්ටාරොවොයිට් ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරියේය.

ඔහු මොස්කව් නගරයෙන් පිටත ඔහුගේ මෝටර් රථය තුළ වෙඩි වැදී මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර ප්‍රධාන උපකල්පනය වී ඇත්තේ ඔහු සිය දිවි නසාගෙන ඇති බවය.

2023 වසරේදී අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ලැබුණු ගිනි අවියක් භාවිත කර හිටපු අමාත්‍යවරයා සියදිවි නසාගෙන ඇති බවද මේ වන විට වාර්තා වී ඇත.

කෙසේ නමුත් පුටින් ඔහුව ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලද්දේ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

නමුත් රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ යුක්‍රේනයේ ඩ්‍රෝන් ප්‍රහාවල ආරක්ෂක තර්ජනය හේතුවෙන් මෙන්ම පසුගිය ජූලි 5-6 දෙදින තුළ රුසියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළවල ගුවන් ගමන් 500කට ආසන්න ප්‍රමාණයක් නතර කිරීමට සිදුවීමෙන් පසුව ඔහුව රුසියානු ජනාධිපතිවරයා නෙරපා හැරි බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved